Monday, April 27, 2015

දයා අල්විස් දිවි රඟ මඩලින් බැස යයි

ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද (27) උදෑසන ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

ඒ මහතා පසුගියදා පිළියන්දලදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
මිය යන විට 72 හැවිරිදි විෙය් පසුවූ ඒ් මහතා බෝඩිම, නිවටයා, අහසින් පොළවට වැනි ටෙලි නාට්‍ය මගින් ප්‍රේක්ෂක අාකර්ශනය දිනා ගත්තේය.

රිය අනතුරට ලක්වීමෙන් පසු අල්විස් මහතාගේ මොළයෙන් අධික ලෙස ලේ වහනය වී ඇතැයි වෛද්‍යවරු කියති.

1944 වසරේ උපන් දයා අල්විස් මහතා කළුතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹීය. මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ ‘පේමතෝ ජායතී සෝකෝ‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන ජීවිතය ඇරඹූ ඔහු හෙන්රි ජයසේනයන්ගේ මකරා නාට්‍යයේද, ධවල භීෂණ, මකරාක්ෂයා, සෙනෙහෙබර ඩොලී, මෝදර මෝල වැනි වේදිකා නාට්‍යවලද රඟපෑවේය.

අනතුරුව සිනමා ක්ෂේත්‍රයටද පිවිසි දයා අල්විස් මහතා විරාගය, වෝටර්, මදර් තෙරේසා, මහගෙදර, නිකිණි වැස්ස වැනි චිත්‍රපට තුළින් සිය රංගන කෞෂල්‍යය විදහා පෑවේය.

ටෙලි නාට්‍ය තිර රචනා ක්ෂේත්‍රයේද ජනප්‍රිය නාමයක් හිමිකරගත් දයා අල්විස් මහතා අතින් ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් ලියැවිණි. ඔහුගේ මුල්ම ටෙලි නාට්‍ය තිර පිටපතවූ ‘ළා හිරු දහසක්‘ ටෙලි නාට්‍ය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

No comments:

Post a Comment