19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන තුරු නොනවත්වා සත්‍යග්‍රහයක නිරතවන බව මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මෙම සතයග්‍රහය අද (27) පෙරවරු 10.00ට කොළඹ නිදහස් චත්‍රරස්‍රයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
ඊයේ (26) පැවැති සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ රැස්වීමකදී එම තීරණය ගන්නා ලද බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර විවාදයකින් අනතුරුව එය හෙට සම්මත කරගැනීම නියමිතය.
No comments:
Post a Comment