Thursday, October 15, 2015

මහින්දගෙන් තවත් විශේෂ නිවේදනයක් (සම්පූර්ණ නිවේදනය මෙන්න)

බරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැඳවීම තුළින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ දරණ බව ප්‍රත්‍යක්ෂ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පවසනවා. එම මාධ්‍ය ඒකකයේ ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුතුව මාධ්‍යයට නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

Wednesday, October 14, 2015

මහින්දව අත්අඩංගුවට ගැනීම වලකන්න හෙට කොලඹට ආධාරකරුවන් කැදවලා

පසුගිය ජනාධිපතිවරණයේ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී ස්වාධීන රූපවාහිනී සේවයේ වී ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳ ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසම කරන පරීක්ෂණයක සාක්ෂි විභාගය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දිනයේ කැඳවා ඇත.

යෝෂිත කොටුවෙයි – හොරවැඩ නාවික වාර්තාවෙන් එළියට- (ලංකා ඒ නිව්ස් විශේෂ හෙලිදරව්ව)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත‍්‍රයකු වන යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ පරීක්ෂණයෙන් ඔහු වරදකරුවකු බව තීරණයවී ඇතැයි විශ්වාසනීය තොරතුරු ලංකා ඒ නිවුස් වෙත අනාවරණ කළා.

රුසියානු තානාපති කාර්යාලයට ෂෙල් ප්‍රහාර

සිරියාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාල භූමියට ෂෙල් ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ.

ඩමස්කස් අගනුවර පිහිටි රුසියානු තානාපති කාර්යාල භූමියට ඊයේ දිනයේ මෙම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුසුකි, හොන්ඩා, නිසාන් සියළුම කාර් වැඩිවන හැටි මෙන්න! VEZEL HYBRID 590,000 කින් නගී

රේගු බදු වැඩිකිරීම නිසා සුසුකි, හොන්ඩා සහ නිසාන් මෝටර් රථවල මිල ගණන්ද විශාල ලෙස වැඩිවී තිබේ.

ප්ලේබෝයි සඟරාවෙන් නිරුවත් ඡායාරූප ඉවතට!

නව සැකැස්මකට අනුව නිර්මාණය වීමට නියමිත ප්ලේබෝයි සඟරාවෙන් කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මහින්ද හෙට ජනපති කොමිසමට!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහා පරිමාණ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට හෙට කැඳවීමක් කර තිබේ.