19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලූ මැති ඇමැතිවරුන් සහාය ලබාදිය යුතු බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් පවසා ඇත. උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ විධායක ජනාධිපති ධුරයේ බලතල යම් ප්‍රමාණයකින් හෝ අඩු වීම රටට වාසි සහගත බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගැන්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහානාහිමියන් මේ බව කියා සිටි බවට වාර්ථාවේ.
බලය තිබෙන අවස්ථාවන්වලදී මෙවැනි සංශෝධන සිදු කිරීමට මීට පෙර කිසිදු දේශපාලනඥයෙකු ඉදිරිපත් වූයේ නැහැ. එහෙත් රටට යහපතක් සිදුවන අවස්ථාවක් උදාවී ඇති මොහොතක එ් සඳහා සියලූ දෙනා එක්විය යුතු බවයි මහානාහිමියන් පෙන්වා දී ඇත. විධායක ජනාධිපති ධුරය මෙන්ම මනාප ඡන්ද ක්‍රමයද අහෝසි කළ යුතුයි. එ් හරහාද රටේ අනාගතයට යහපත් සිදුවන බවයි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් මෙහිදී වැඩිදුරටත් කියා සිටි බවට වාර්ථාවේ.
No comments:
Post a Comment