Thursday, April 23, 2015

ගෝඨාභය වෙනත් දිනයක් ඉල්ලයි -අල්ලස් කොමිසමෙන් නික්ම එයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, තමාට එරෙහි චෝදනාවලට අදාළව අධ්‍යයනය කර ලියවිලි සහිතව පැමිණ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් වෙනත් දිනයක් ඉල්ලා තිබේ. ඒ අනුව දින 90ක කාලයකින් දිනයක් ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලා සිටි බවත්, ඊට කොමිසම කැමැත්ත දැක්වීමෙන් පසු රාජපක්ෂ මහතා එතැනින් පිටව ආ බවත් ඔහුගේ නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
මීට වසර 07 කට පෙර මිහින් ලංකා ගුවන්සේවා සාමගමට අදාළව සිදුකෙරුණු ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අල්ලස් දුෂණ විමර්ශන කොමිසම විසින් විමර්ශනය සිදු කරනු ඇත.

No comments:

Post a Comment