කොළඹ අල්ලස් කොමිෂන් සභාව ඉදිරිපිට අද (23) දිනයේදි කිසිදු විරෝධතාවයක් පැවැත්විය නොහැකි බවට අධිකරණ විසින් කළ නියෝගය නොසලකා විරෝධතාව මෙහෙයවුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී නිතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එම විරෝධතාව සාමකාමී වුව ද එය අධිකරණ නියෝගයට එරෙහිව සිදු වුවක් බවයි. එසේම එම විරෝධතාව මෙහෙයවුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසිය.
මෙම විරෝධතාව සඳහා පැමිණි විරෝධතාකරුවන් අත විකෘති කරන ලද ජාතික ධජද පැවැති බව දක්නට ලැබී ඇත.
No comments:
Post a Comment