Monday, April 27, 2015

මහින්දට මන්දිරය දෙන්න එපා කියලා නෝනා මට බලපෑම් කරනවා

නාවල පීකොක් මන්දිරය හිටපු ජනපතිට නුදුන්නේ තම බිරියගේ බලපෑම නිසා යැයි ව්‍යාපාරික ඒ.එස්.පී.ලියනගේ මහතා පවසයි. එම මන්දිරය උගසට තබා මිලියන 45 ක ණයක් ගෙන ඇතත් එය මූල්‍ය සමාගමට සින්න වීමට යෑමේ තත්ත්වයක් නැතැයිද ඒ මහතා පවසයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ඒ.එස්.පී ලියනගේ මහතා පැවසූවේ “ රුපියල් මිලියන 45 පමණ වටිනා ඉඩමකට ගමේ ගොඩේ අයකුගෙන් නෙමෙයි මම ණය ගෙන තියෙන්නේ. පිළිගත් වැදගත් ආයතනයකින්. වසර පහක් තිස්සේ මම ගනුදෙනු කරනවා. අඩුගානේ මට ලියුම් කඩදාසියක්වත් මේවන තෙක් ලැබිලා නැහැ.” යනුවෙනි.

මේ අතර පීකොක් මන්දිරය හිටපු ජනපතිට නොදෙන්නැයි තමාට බිරිඳගෙන් යම් බලපෑමක් එල්ල වූ බවත් හෙතෙම පවසයි. “මගේ නෝනගෙන්. එයා කිව්වා පීකොක් මන්දිරය මහින්ද රාජපක්ෂ මහතාට දුන්නොත් මගෙන් දික්කසාද වෙනවා කියලා. මට මගේ බිරිඳ වගේම මගේ දරුවන්ට අම්මා කෙනෙක් ඕනෑ ඒ නිසා ඒ තීරණය වෙනස් කළා.” යනුවෙන් ද පවසයි.

No comments:

Post a Comment