ජනප්‍රිය ගායන ශිල්පී නාමල් උඩුගමට ඉන්දියාවේ ඇපලෝ රෝහලේදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වූ ඉතා සංකීර්ණ ශල්‍යකර්මය සිදු වන මොහොතේ ඔහු විසින් දීර්ඝ හීනයක් දැක තිබේ.
මෙම ශල්‍යකර්මය මොහොතේ සිහිසුන්ව සිටි නාමල් දැකපු අපූරු හීනය පියවි සිහිය ආ පසු ඔහු රුවන්ති සමග ඒ ගැන කිව්වහම ඇයත් පුදුම වී ඇත. ඒ ගැන නාමල් කිවුවේ මෙහෙමයි...“ඔපරේෂන් එක කළේ මේ රෝහලේ ඉන්න දක්ෂතම විශේෂඥ වෙද්‍යවරියක්. ඇයගේ නම ගෝමතී නරසිංහම්. එතුමිය මම කලාකරුවෙක් නිසාම වැඩි උනන්දුවකින් මේ ශල්‍යකර්මය කරන්න කටයුතු කළා. ඇය කලාවට ආදරෙයි.”(නාමල් සෙමින් කතා කරමින්)
“ මම දැක්කා ඉතාමත්ම වේගයෙන් යන දුම්රියක් එක්ක මම හරි හරියට ට්‍රේල් බයිසිකලයක් පදිනවා. කෝච්චිය නවත්තන්නෙත් නැහැ. මම නැවතුනෙත් නැහැ. මම පරාද වෙන්නෙත් නැහැ. මේ විදිහට මහ හයියෙන් පාවෙලා වගේ යන මට කිසිම අනතුරක් වුණෙත් නැහැ. මම පුදුමාකාර වේගයකින් තමයි බයිසිලකය පැද්දේ. කොහොම හරි සිහිය එනකොට මට ඒක ගැන හොඳ මතකයක් වගේම පුදුමයක් දැනුණා.”
No comments:
Post a Comment