'බොදු බල සේනාව' යනු තමා පරාජය කිරීමේ අරමුණෙන් බිහිවූ බටහිර කුමන්ත්‍රණ මාලාවේ තවත් එක් මාර්ගයක් යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. ඔහු විසින් මෙම ප්‍රකාශ සිදුකොට ඇත්තේ, පසුගිය බදාදා ප්‍රංශ පුවත් සේවය හා සම්මුඛ සාකච්ජාවකට එක් වෙමිනි.
හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කොට ඇත්තෙ බොදු බල සේනා සංවිධානය පිටුපස තම පවුල සිටින බව බොහෝ දෙනා පැවසුවද එම සංවිධානයේ වැඩ කටයුතු සමඟ තමාට හෝ තම සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂට කිසිදු සම්බන්ධතාවක් නොතිබුණ බවයි.
තම පාලන සමයේ බොදු බල සේනාවේ නායකයන් නෝර්වේ හා ඇමරිකාව යන රටවල සංචාරය කල බවත් ඒ සංචාරයන්හි ස්වභාවය අනුව ඒවා බටහිර කුමන්ත්‍රණ බව මනාව පැහැදිලි වන බවත් ඔහු පවසා ඇත.
මහින්ද රාජපක්ෂ විසින් මෙම ප්‍රකාශ සිදුකරමින් ඔහු තමාගෙන් ඉවත්වූ හිටපු ඇමැතිවරයෙකු වෙතද ඇගිල් දිගු කළේය. ඒ පාඨලී චම්පික රණවකය ඔහු ප්‍රංශ පුවත් සේවයට සදහන් කොට ඇත්තේ තමාට බොදුබල සේනාවට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය වුවත් එය වලකාලනු ලැබූවේ චම්පික රණවක විසින් බවය.
මහින්ද රාජපක්ෂ බොදුබල සේනා සංවිධානය පිළිබද දැක්වූ අදහස් සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්තේ විධායක ජනාධිපතිවරයා වශයෙන් සිට කාලයේ එකී රජයේ සියලු දෙනාට ෆයිල් පෙන්වා තර්ජනය කොට නිහඩ කළ ඔහු චම්පික රණවකගේ ඉල්ලීමට පමණක් ඉඩ ලබාදුන්නේ ඇයිද යන්නය. ඒ අනුව අලුත්ගම ජනතාවගේ නිවාස ජීවිත වලට වඩා චම්පික රැක ගැනිම මහින්දට අවශ්‍ය වීම බලලෝභය විනා අන් කිසිවක් නොවන්නෙය. ඉදිරියේදීද මහින්දට යම් බලයක් ලැබුනේ නම් ඔහු නතර වන ස්ථානයේ වෙනස් නොවන බවට මේ පුවත්පත් සාකච්ඡාව කදිම නිදසුනකි
No comments:
Post a Comment