රක්නා ලංකා සමාගම සහ ඇවන්ඩ්ගාඩ් සමාගම පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට අවශ්‍ය ප්‍රකාශ ලබාදෙන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අනුව ප්‍රකාශයක් ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගේඨාභය රාජපක්ෂ මහතා මීට ස්වල්ප වේලාවකට කලින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය.
කොමිසන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණද එය නොසලකා හරිමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ස්වාමීන් වහන්සේලාද එම ස්ථානයට පැමිණ සිටිති. සිංහ කොඩි අතින් ගත් පිරිසක්ද එහි වෙති. උද්ඝෝෂකයන් බෞද්ධාලෝක මාර්ගයේ වාඩිවී විරෝධතාවේ නිරතව සිටිති. ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද පවතියි.
No comments:
Post a Comment