Thursday, April 23, 2015

ගෝඨාභය අල්ලස් කොමිසමට එයි.

හිටපු ආරක්ෂක ලේකම් ගේඨාභය රාජපක්ෂ මහතා මින් ස්වල්ප වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට පැමිණියේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුට අල්ලස් කොමිසම හමුවට අද පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබුණි.

එසේම කොමිසම ඉදිරිපිට මේවන විට 500කට ආසන්න පිරිසක් රැස්ව සිටින බව වාර්තාවේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට අද දිනයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයක් නියෝගයක් නිකුත් කරන ලදි.

No comments:

Post a Comment