අල්ලස් කොමිසම හා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවැති විරෝධතාවයන් සංවිධානය කල පිවිතුරු හෙල උරුමය අලුතින් ජාතික කොඩියක් හදුන්වාදි තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි ශ්‍රි ලංකාවෙ ජාතික කොඩියේ වමි පසින් හින්දු, කතෝලික හා මුස්ලිමි ඇතුලු සුලු ජාතින් නියෝජනය කිරිම සදහා කහ සහ කොළ පැහැති තිරු දෙකක් තිබිය යුතුය. ඒ තුලින් රටෙි ජාතික සමගිය පෙන්නුමි කරයි.
නමුත් අද දිනයේදි හිටපු ආරක්ෂක ලේකමි ගෝඨාභය රාජපක්ෂට සහය පල කරමින් අල්ලස් කොමිසම ඉදිරිපට රුස්ව සිටි පිවිතුරු හෙල උරුමයේ ආධාරකරුවන් අත තිබු ජාතික කොඩියේ "සුලු ජාතින්" නියෝජනය දැක්වෙන කහ සහ කොළ පැහැති ඉරි දෙක ඉවත් කර ඇති බව පැහැදිලිව දැකිය හැකි විය.
Blackbox.lk වෙත වාර්ථා වී ඇති පරිදි පිවිතුරු හෙල උරුමයේ ආධාරකරුවන්ට මෙම ජාතිවාදය ඇවිස්සෙන ආකාරයේ නව ජාතික කොඩි බෙදා දි තිබෙන්නේ "බොදු බල සේනාවෙ" සාමාජිකයින් පිරිසක් විසින්ය.
පිවිතුරු හෙල උරුමය හා බොදු බල සේනා සංවිධානය විසින් ඉදිරියේදි ජාතිවාදය පැතිරවිමෙ සැලැස්මෙි මුලික පියවර තැබුවාද යන්න ගැන සොයා බැලිම රජයේ චගකිමක් වෙයි.
එමෙන්ම අධිකරණය ලබාදුන් තින්දුවද හෑල්ලුවට ලක්කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයේ ජාතික කොඩි රුගෙන විරෝධතාවයන් පැවැත්වු පිවිතුරු හෙල උරුමයට එරෙහිව නිතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙිවිද?
(පහතින් දැක්වෙන්නේ පිවිතුරු හෙල උරුමය විසින් සිය උද්ඝෝෂණයේදි යොදා ගත් අලුත් ආකාරයේ ජාතික කොඩියයි)
No comments:
Post a Comment