Tuesday, August 5, 2014

ජනපති අරලිය ගහ මැදුරට මාධ්‍ය ප්‍රධානින් කැදවයි

මාර්ග ඉදිකිරීම සඳහා ප‍්‍රමුඛත්වය ලබා දෙන්නා සේම බීමට ජලය ලබාදීමට ද ප‍්‍රමුඛත්වය ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. දිවයින පුරා ගංගා රැසක් මුහුදට ගලා යන අතර එම ජලය එක්රැුස් කර මෙම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදියි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ අතුරුදන් වූවන් පිළිබද සොයා බැලෙන කොමිසමට පත් කළ උපදේශකයන් පරීක්ෂණ කමිටුවක් නොවන බවයි.

ජාතික නිදහස් පෙරමුණ ඌව පළාත් සභා මැතිවරණයට තනිව තරඟ කිරීම පිළිබදව ද මෙහිදී අවදානයට ලක්වුණා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡුා තවදුරටත් කි‍්‍රයාත්මක බවයි.

මෙම හමුවට එක්ව සිටි විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ පනත මේ වන විට සංශෝධනයට ලක් කරමින් තිබෙන බව කියා සිටියා. රාජ්‍ය නොවන සංවිධානවල කාර්යභාරය සම්බන්ධයෙන් පසුගිය දා සිහි කැදවීමක් කළ බවයි විදේශ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. එහිදී නව කොන්දේසි පැනවීමක් නොකළ බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

No comments:

Post a Comment