Monday, August 18, 2014

සරවියට නාමල් පාරක්

දේශපාලනඥයන් විසින් මුදල් ලබාගෙන සුපිරි පාසැල්වලට දරුවන් ඇතුළු කරන්නාක් මෙන් දේශපාලනඥයන් විසින් මුදල් ලබාගෙන විශ්ව විද්‍යාලයටද සිසුන් ඇතුළු කිරීම රාජපක්ෂ රෙජීමයේ ආශ්චර්ය යටතේ ආරම්භ කර තිබේ. මේ තුච්ඡ ක්‍රියාව කර ඇත්තේ රෙජීමයේ මෝල්ක්‍රියා සඳහා කුප්‍රකට නාමල් රාජපක්ෂ පුත්‍රයා විසිනි. 

මේ අනුව නාමල් රාජපක්ෂ විසින් මුදල් මත ලබා දුන් ලිපියක් අනුව 2011 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් නොකළ ගාල්ල කරන්දෙනිය ප්‍රදේශයේ දිනේෂිකා ප්‍රසාදී ජයතුංග නමැති ශිෂ්‍යාවක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් රුහුණු විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට අනුමැතිය ලබාදී තිබේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සරත් අමරවීර නැමැත්තා 2013.06.28 දාතමින් එස්. බී. දිසානායක උසස් අධ්‍යපන අමාත්‍යවරයා වෙත මේ පිළිබඳව ඉල්ලීමක් කර ඇත. නාමල් රාජපක්ෂද එස්.බී. වෙත දුරකථනයෙන් මේ ගැන පවසා තිබේ. ඒ අනුව නාමල්ගේ ලේකම් ගේ ලිපියට එස්.බී. තම නිර්දේශය එක් කර ඇත්තේ මෙසේය. ''ඩොක්ටර් ප්‍රියන්ත, මේ ගැන නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මට කිහිප විටක් දුරකථනයෙන් කථා කළා. මේ ලමයා ගෙන්වා බලන්න. කළ හැකි උපකාරයක් කරන්න.'' මෙහිදී ඩොක්ටර් ප්‍රියන්ත ලෙස සඳහන් කර ඇත්තේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අතිරේක ලේකම් ප්‍රියන්ත පුෂ්ප කුමාර ය.

ඒ අනුව අතිරේක ලේකම් ඩොක්ටර් ප්‍රියන්ත විසින් දිනේෂිකා ප්‍රසාදී ජයතුංග ශිෂ්‍යාව ලවා අභියාචනයක් ගෙන්වා ගෙන තිබේ. එම අභියාචනය මත 2013 සැප්තැම්බර් 05 දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් සිසුවිය 2011/2012 අධ්‍යයන වර්ෂය සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ කලා පීඨයට ඇතුල් කිරීමට නියෝග කර තිබේ.

කෙසේ වුවද මේ ආකාරයටම විශ්ව විද්‍යාලයට අයදුම් නොකිරීම හේතුවෙන් නියමිත ගාස්තුද ගෙවා නියමිත කාලය තුළ අභියාචනය කළ තවත් සිසුන් 22 දෙනෙකුගේ ඉල්ලීම් කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග 03 ක් විසින් එවැනි ඇතුළත්වීම් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ අනුව ඉදිරි කාලයේදී රාජපක්ෂලාට මුදල් ගෙවා ලියුමක් ලබාගෙන සරසවියට ඇතුලූ වීමේ හැකියාව මරාවාදී සට්ටැඹියන්ගේ දූ පුතුන්ට ලැඛෙනු ඇත.

පහත දැක්වෙන්නේ නාමල් ගේ බලගතු ලිපියයි


No comments:

Post a Comment