Tuesday, July 22, 2014

විධායකයට එරෙහි සටන 24 ඇරඹේ.

සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරය විසින් දියත් කරනු ලබන විධායකයට එරෙහි සටන මේ මස 24 වනදින ඇරඹෙන බව එහි කැදවුම්කරු පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසයි.
කෝට්ටේ නාගවිහාරයේදී අද (22) කැදවන ලද මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන් වහන්සේ සදහන් කොට සිටියේ රටේ සියලු පාර්ශවයන් අකමැති එපා කියූ විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සදහා 24 වැනිදායින් ආරම්භ වන මෙම ව්‍යාපාරය කටයුතු කරන බවයි.

ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි විද්වත් කතිකාව 24 වනදින කොළඹ නව නගර ශාලාවේදී පැවත්වෙන අතර ඒ සදහා කථිකයන් වශයෙන් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, වික්ටර් අයිවන්, දීපිකා උඩුගම , අසංක තිලකරත්න යන විද්වත්හු සහභාගී වීමට නියමිතය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මීට පෙර පැවැති සාකච්ඡාවකදී අනාවරණය කොට තිබුනේ 24 වන දින විධායකයට එරෙහි මෙම පොදු වේදිකාවට දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු හිටපු ජනාධිපතිවරිය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කරු ජයසූරිය රවී කරුණානායක ඇතුළු පිරිස් සහභාගී වන බවත්ය.

ඒ අනුව සෝභිත හිමින්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම විධායකයට එරෙහි සටනට දෙමළ සන්ධානයේ සහයෝගය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සහයෝගයද ලැබී ඇති බවට ප්‍රකාශ වී තිබිණි.

No comments:

Post a Comment