Tuesday, July 22, 2014

තිසර පෙරේරා ක්‍රිකට්වලට සමුදී නවසීලත්තයේ පදිංචියට?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට නම් කිරීමත් සමග ඇති වූ මානසික ව්‍යාකූලතාවය හේතුවෙන් ඒ සදහා ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තාවේ. මේ අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සදහාද කටයුතු කරමින් පවතින බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සදහන් කොට සිටී.

පසුගිය කාලයේ තිසර පෙරේරා හා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සමග පැවැති ගැටුම්කාරී තත්වය හේතුවෙන් ඔහු ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට නම් කිරීමට කටයුතු කළ අතර මේ හේතුවෙන් තිසර මානසික බිද වැටීමකට ලක්විය. ඒ සදහා ඔහු ප්‍රතිකාර ගැනීමක්ද සිදුකරමින් පවතින අතර මේ තත්වය පදනම් කොටගෙන තමා ලංකා ක්‍රිකට්වලින් සමුගන්නා බව දන්වා ඇත.

කෙසේ නමුත් තිසර පේරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමුගැනීමෙන් අනතුරුව නවසීලන්තයේ පදිංචිය සදහා යන බවත් එහිදී ක්‍රිකට් ක්‍රීඩාව සදහා සම්බන්ධ වන බවටත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර සිටී.

තිසර පේරේරා වන විට ටෙස්ට් තරග 06 කට ක්‍රීඩාකර ලකුණු 203 ක් රැස්කර කඩුළු 11 ක් දවාගැනීමට සමත්ව ඇති අතර එක්දින තරග 76 කදී ඔහු ලකුණු 784 ක් ලබාගෙන ඇත. එහිදී ඔහු කඩුළු 94 ක් බිද දමා ඇත. පන්දුවාර 20 යි 20 කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයකු ලෙස කටයුතු කළ තිසර තරග 38 කදී ලකුණු 466 ක් රැස්කරගනිමින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 23 කි.


No comments:

Post a Comment