භික්ෂූන් වහන්සේලාට දේශපාලනය තහනම් කිරීමට අමරපුර සිරි සද්ධම්මවංශික නිකායේ සුධර්මකාරක සංඝ සභාව විසින් තීරණය කිරීමත් සමඟ නිකාය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියන් යම් ගැටළුකාරී තත්වයකට මහුණ පා ඇතැයි වාර්තා වෙයි.
අමරපුර සිරි සද්ධම්මවංශික නිකායේ මහ නායක අහුංගල්ලේ සිරි සීලවීසුද්ධි නා හිමියන් පවසන්නේ සංග සභාවේ මෙම තීරණය අදාළ නිකාය නියෝජනය කරනු ලබන ඕනෑම භික්ෂුවකට බලපාන බවයි.
කෙසේ වෙතත් මේ සමබන්දයෙන් අදහස් විමසීම සඳහා රතන හිමියන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය සාර්ථක නොවීය. උන් වහන්සේගේ ප්රතිචාර දක්වන්නේ නම් එයද පල කිරීමට අප සූදානමින් සිටිමු.
No comments:
Post a Comment