Friday, February 28, 2014

ගණිකා වෘත්තිය නීතිගත කලොත්.. ගණිකා කටයුතු අධිකාරියක්, කඩා පනින ගණිකා පරීක්‍ෂකවරුනුත් පත් කෙරේ

ගණිකා වෘත්තිය නීතිගත කලහොත් ‘ගණිකා වෘත්තිය විධිමත් කිරීමේ හා පවත්වාගෙනයාමේ පණත’ යනුවෙන් පනතක් ගෙනැත්, ‘ගණිකා කටයුතු පිළිබඳ අධිකාරිය’ කියා ආයතනයකුත් පිහිටුවා, ගණිකා කටයුතු කොමසාරිස්වරයෙක් පත්කර, නීතියේ හැටියට ගණිකා වෘත්තියේ යෙදෙන හැටි පිළිබඳ උපදෙස් හා නීති පනවා, හරි විදියට වෘත්තියේ යෙදෙනවද කියල බලන්න කඩාපනින ගණිකා පරීක්‍ෂකවරු පත්කර, වැරදියට වෘත්තියේ යෙදෙන්නන් උසාවි දාල ඔවුන්ට දඩ ගසා විශාල නෛතික රාමුවක් සැදීය යුත බව දකුණු පළාත් සන්ධාන අපේක්‍ෂක ඉන්ද්‍රජිත් විජේවර්ධන මහතා පවසයි.

මේ ඔහු සමඟ කල සම්මුඛ සාකච්චාවකි.

ඔබම කියන විදියට ඔබ මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ විමල් වෙනුවෙන්ග ඔබ ඉදිරිපත් වෙන්නෙ රට වෙනුවෙන්වත්, ජනතාව වෙනුවෙන්වත් නෙවෙයි ද? අඩුගානේ ඔබ වෙනුවෙන්වත් නෙවෙයි ද?

ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් කොයි වෙලෙත් ඉදිරිපත්වෙන කෙනෙක් තමයි විමල් වීරවංශ ඇමතිතුමාග එතුමා තමයි ජාතික නිදහස් පෙරමුණේ අපේ නායකයා. අනික විමල් වීරවංශ කියන්නෙ ජාතික නායකයෙක්. ඒක රටම දන්නවා. අද මේ රට මේ විදියට බයක් සැකක් නැතිව ජීවත්වෙන්න පුළුවන් තත්වයකට ගේන්න ඔහුගේ භූමිකාව බොහෝ සේ හේතුවුනා.

ඔහුගේ ඒ ජාතික භූමිකාවට ප‍්‍රාදේශීය වශයෙන් සහය දෙන එක තමයි අපේ යුතුකම, වගකීම වෙන්නෙ. ඒ අතරින් මගේ භූමිකාව වෙන්නෙ ඒ ජාතික භූමිකාවට ගාල්ලෙ සහයත් එක් කරන එක. ඔහුගේ එකම අරමුණ රටේ යහපත. ඉතින් ඔහු වෙනුවෙන් ඔහුගේ නියෝජිතයා වෙනව කියන්නෙ රටේ යහපත වෙනුවෙන් ගාල්ල නියෝජනය කරනව කියන එකයි. විමල් හරහා රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් තමයි මමත් ඉදිරිපත් වෙන්නෙ. ඒ නිසා මම ඉදිරිපත් වෙලා තියෙන්නෙ රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්. විමල් වීරවංශ කියන ජාතික නායකයා නියෝජනය කරමින්.

ඒ වගේම කියන්න  ඕන මගේ මේ ඉදිරිපත්වීම කිසිසේත්ම මා වෙනුවෙන් නම් නොවන බව. මට රටෙන් ලබාගන්න දෙයක් ගැන මම හිතන්නෙවත් නෑ. මම හිතන්නෙ මගෙන් රටටල ජනතාවට දෙන්න පුළුවන් දේ ගැන විතරයි.

ඔබ ඉදිරිපත් වෙන්නෙ බොහොම ප‍්‍රශ්න තියෙන ප‍්‍රදේශයකින්. ඔබ ඒ අරගලවල කොටස් කරුවෙක් නොවෙයි ද? ඔබ කොයි පැත්තෙ ද?

පැහැදිලිවම ඒ රණ්ඩු කිසිවක් මට අදාල නැහැ. ඒ රණ්ඩුවල කොයි පැත්තකටවත් මම ගෑවිලාවත් නැහැ. ඒ රණ්ඩු මම අනුමත කරන්නෙත් නැහැ. ඒව බොරු රණ්ඩු විතරයි.

ඔබ පළාත් සභාවෙ හිටපු කෙනෙක් නෙවෙයි. අඩුගානෙ ප‍්‍රාදේශීය සභාවකවත් හිටපු කෙනෙක් නෙවෙයි. ඔබ හිතනවද මේ  ඉලක්කය පහසු වෙයි කියල?

මම ප‍්‍රාදේශීය සභාවෙ හිටියෙ නෑ කියන එක වැරදියි. මම 2000 දී බෙන්තොට ප‍්‍රාදේශීය සභාවෙ ජවිපෙ මන්ත‍්‍රීවරයෙක් විදියට කටයුතු කළා. අනික දේශපාලනය හෝ සමාජ කටයුතු මට අළුත් දෙයක් නෙවෙයි. ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට සබරගමුව හා රජරට විශ්ව විද්‍යාල දිනාගැනීමේ සටනේ පුරෝගාමී ශිෂ්‍ය නායකයෙක් ලෙස කටයුතු කළ මම තමයි රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ දෙවන සභාපතිවරයා උනෙත්. ඒ වගේම ගාල්ල දිසිති‍්‍රක් කෘපනිස සංගමයේ සභාපති වරයෙක් විදියටත් ගාල්ල දිසිති‍්‍රක් සණස සංගමයේ බෙන්තොට කළාපයේ අධ්‍යක්‍ෂක විදියටත් මම කටයුතු කරල තියෙනව.

අනික රට බේරාගන්නට අතිගරු ජනාධිපතිතුමන්ට විශාල ශක්තියක් වුණු විමල් වීරවංශ කියන ජාතික නායකයාගේ නියෝ්ජිතයා විදියට මට අනිවාර්යෙන් ලැබෙන සහායක් තියෙනවා. ඉලක්කය පහසුයි කියල මම කියන්නෙ නැහැ. හැබැයි මේක ළඟාකරගත හැකි ඉලක්කයක්.

ඔබ ඉල්ලන්නෙ සන්ධාන ලැයිස්තුවෙන්. බුලත් කොළය ලකුණින්. ඔබ හිතනවද ශි‍්‍රලනිප පාක්‍ෂිකයා වරක් කළ මෝඩකම යළි කරාවි කියලා?  

ශි‍්‍රලනිප පාක්‍ෂිකයා එදා කළේ මෝඩකමක් කියන එකම වැරදි ප‍්‍රකාශයක්. එදා ඒ කළ දේ හරියටම හරි. ඒකෙන් ශි‍්‍රලනිප පාක්‍ෂිකයා එදා පෙන්නුවා තමන් කොයිතරම් නම් දේශපාලනිකව  සංවේදී ඡන්ද දායකයෙක් ද කියල. ඒ වගේම කොයි තරම් රට ගැන හිතන කෙනෙක්ද කියල.

එතනදි මෝඩ වුනේල විශ්වාසය කැඩුවෙ ජවිපෙ නායකත්වයයි. ශි‍්‍රලනිප පාක්‍ෂිකයා ජවිපෙන් බලාපොරොත්තු වෙච්ච යහපාලනය, වැඩ කිරීම ඔවුන්ට යම් කාලයක් දක්වා ලැබුණා. චන්ද‍්‍රිකා මැතිණියගේ සුනාමි සහන මණ්ඩලයට එරෙහිව ඇමතිකම් දාල යද්දි ඒ ශි‍්‍රලනිප පාක්‍ෂිකයා ඒකටත් එරෙහි වුණේ නැහැ. නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ව ආයෙත් දිනවල ඉවරවුනාම ජවිපෙ යළි ආණ්ඩුවට එකතුවෙයි කියන විශ්වාසය ශි‍්‍රලනිප පාක්‍ෂිකයා තුළ තිබුණා. ජවිපෙ කැඩුවෙ අන්න ඒ විශ්වාසයයි. ඒ තීරණයට අදාල සංවාදය පක්‍ෂය ඇතුළෙ කරපු නිසා තමයි, ආණ්ඩුවට එකතුවෙලා ශි‍්‍රලනිප පාක්‍ෂිකයාගේත් රටේත් බලාපොරොත්තු ජයග‍්‍රහණය කරවමු කියල සටන් කරපු නිසා තමයි විමල් සහෝදරයට ජවිපෙන් යන්න වෙන තැනට වැඩ සිද්ධ කරන්නේ.

එතකොට පැහැදිලියි ජාතික නිදහස් පෙරමුණ විදියටත්, විමල් සහෝදරයගේ නියෝජිතයන් විදියටත් ශි‍්‍රලනිප පාක්‍ෂිකයාගෙ මතයට ගරු කළේත් ඔවුන්ගේ විශ්වාස රැක්කේත් අපිය කියන කාරණය. අපි එහෙම දිගටම ඒ විශ්වාසය රකිමින් අතිගරු ජනාධිපතිතුමත් එක්ක හිටිය එක ත‍්‍රස්තවාදය පරදවන්න එතුමට ලොකු ශක්තියක් වුණා.

ඒ නිසා ශි‍්‍රලනිප පාක්‍ෂිකයගෙ විශ්වාසය කඩ නොකර ඒ විශ්වාසය රැක්ක නිසාත්, රටට මහ විශාලම ජයග‍්‍රහණය ලබාදෙන්න ඔවුන් සමග නොසැලී එකටම හිටිය නිසාත් ශි‍්‍රලනිප පාක්‍ෂිකයා ගැන මට තියෙන්නෙ ලොකු විශ්වාසයක්. එහෙම විශ්වාසයක් තියාගන්න මට අයිතියක් තියෙනවා. මම ඔවුනගේ ඒ විශ්වාසය රැක්ක මිනිහෙක් නිසා.

මේ ඡන්දයෙදි ඔබට ලොකු ප‍්‍රශ්නයකට මුහුන දෙන්න වෙයි නේද? අනෙක් අපේක්‍ෂකයින් තමන් කරපු සංවර්ධන වැඩ ගැන කියද්දි ඔබ මොනවද කියන්නේ?

පළාත් සභාවෙ හිටපු ඇමති කෙනෙක්. මන්ත‍්‍රී කෙනෙක් තරමට සංවර්ධන වැඩ නොකලට විමල් වීරවංශ ඇමතිතුමාගෙ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ ලේකම් විදියට මම කළ සේවයක් තියෙනවා. ඒ බව ඒ ප‍්‍රතිලාභ ලබපු අය දන්නවා. අනෙක හොඳට මතක තියාගන්න මම කරන්නෙ පාලම් පාරවල් හා ගොඩනැගිලි මුල් කරගත් ඡන්ද ව්‍යාපාරයක් නෙවෙයි. ඇත්තටම එහෙම ගත්තොත් මේ වෙනකොට නොහැදුණු පාරක් නෑ. ප‍්‍රධාන පාරවල් සියල්ල හැදිලා.  එක්කො හැදෙනවා. පාලම් ගොඩනැගිලි ගත්තත් එහෙමයි. ඒ මාතෘකා විතරක් ගත්තොත් මට හැරෙන්නවත් බැරිවෙයි තමයි. මොකද ඒ බෙහෝ යුතුකම් මෙතෙක් හිටපු ගරු මන්ත‍්‍රිවරුන් හා ඇමතිවරුන් ඉටුකරල තියෙන නිසා.

මගේ ඡන්ද ව්‍යාපාරයේ මාතෘකාව ඊට වෙනස්. මම කියන්නෙ අපට අවශ්‍ය පාළම් පාරවල් ගොඩනැගිලි හැදුනට අපට ලෙඩක් දුකක් නැතිව ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් හදාගත්තෙ නැත්නම් වැඩක් නෑ කියලයි. අපි හදපු පාළම් පාරවල් හරහා අපට ලැබෙන්නේ වසවිස දාපු එළවළු පළතුරු නම්ල ලෙඩදුක් නම් වැඩක් තියෙනවද? මේ පිලිකා, දියවැඩියා, ගැස්ට‍්‍රයිටීස් , රුධිර පීඩන – මේවයින් ගැලවෙන්න මගක් නැද්ද? තියෙනවා. ඒ මාර්ගය වැහිලයි තියෙන්නෙ. ඒ මාර්ගය පෙන්වන ජනතා නියෝජිතයා වෙන්නයි මගේ මේ උත්සාහය. ඒක කරන්න පුළුවන. ඒකට අවශ්‍ය සමාජ බලය තමයි මම මේ ලබන මන්ත‍්‍රී ධුරයෙන් ඇතිකරගන්න බලාපොරොත්තු වෙන්නෙ.

ඒක අළුත් කතාවක්. මොකද්ද ඔබට ඒකට තියෙන වැඩපිළිවෙල? ජනතාව ඔබේ කතාව විශ්වාස කරයි ද?

ජනතාවට ඒක විශ්වාස කරන්නම වෙනවා. මම කියන කතාව හරි බව  ඕන කෙනෙක් පිළිගන්නවා. එහෙම ප‍්‍රශ්නයක් තියෙන බව, ඒකෙන් ගැලවෙන්න  ඕන බව. ඒ ගැන මෙතෙක් කවුරුවත් කතා නොකළ බව ජනතාව දන්නවා. මගේ ඉලක්කය පැහැදිලියි. ඒ තමයි දකුණු පළාතේ ප‍්‍රධාන වශයෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ශි‍්‍රලනිප, එජාප, ජනිපෙ ආදී හැම පාක්‍ෂිකයෙකුටම ලෙඩදුකින් තොර ජීවිතයක් උදාකරල දෙන එක. ඔවුන්ට වසවිස නැති කෑමබීම ලබාගන්න පුළුවන් ක‍්‍රමයක් හදන එක. මේ පරිසරය මේ ගහකොළ ඔවුන් වෙනුවෙන් ආරක්‍ෂා කරන එක. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන එක. මේව තමයි මගේ ඉලක්ක.

ඒ වෙනුවෙන් මූලික වටයෙදි දිස්ත‍්‍රික්කය පුරා ගොවිපලවල් 25ක් පවත්වාගෙන යා යුතුයි. ඒ ගොවිපලවල වවන වසවිස නැති එළවළු පළතුරු මිලදී ගන්න ජනතාවට පුළුවන්. ඒ වගේම දිස්ත‍්‍රික්කයෙ ඉන්න ගොවීන් එක්ක සාකච්ඡ කරල සුවඳැල් කුරුළුතුඩ වගේ අපේ පැරණි දේශීය වී වර්ග  වගාකරවන්නත් කටයුතු කරනවා. ඒ වී වගාවෙදි රසායනික පොහොරල කමිනාශකල වල්නාශක මුකුත් යොදාගන්නෙ නැහැ. මේව දැනටමත් රට පුරා ක‍්‍රියාත්මක කරන වැඩ. අදාල සංවිධාන සමග මම කතාකරලයි තියෙන්නෙ.  දකුණෙ තමයි මේ හොඳ දේවල් ව්‍යාප්ත වෙලා නැත්තෙ. මේ කියන වී වර්ගවල පිළිකා නාශක ගුණ තියෙනවා. දියවඩියාව පාලනය කරන ගුණ තියෙනවා. ඒ වගේම දැනට ලෙඩදුක් හැදිල ඉන්න සහ බටහිර වෛද්‍ය ක‍්‍රමවලින් හොඳක් නොවුණු ජනතාවට දේශීය වෛද්‍ය
indrjithක‍්‍රමයේ පිහිට ලබාගන්න පුළුවන් ක‍්‍රමවේදයක් සකස් කල යුතුයි. ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයක් සහ ඒ සමග බැඳුණු ඔසු උයන් ජාලයක් ඇතිකිරීමත්, පුද්ගලික ආයුර්වේද වෛද්‍යවරුන්ට පහසුකම් සැළසීමත් හරහා මෙය කළහැකියි.

මුළු ලෝකෙන්ම ඩෙංගු වලට හරියන බේතක් සොයාගත්තු වෙදහාමිනේ ඉන්නෙත් අපේ දිස්ත‍්‍රික්කෙ. අපේ ගමේ. අපේ නායක විමල් වීරවංශ ඇමතිතුමා තමයි මගේ ඉල්ලීම පිට එතුමියගේ අගය වටහාගෙන එතුමියගේ පර්යේෂණවලට පේටන්ට් බලපත‍්‍රය ලබාගැනීමට උදව් කරන්නෙ. එතුමිය මේ දිනවල ඒඞ්ස් වලටත් බෙහෙතක් ගැන පරීක්‍ෂණ පවත්වමින් ඉන්නෙ. එතුමියට සහය ලබාදියයුතුයි. ආරක්‍ෂාව ලබාදිය යුතුය. එතුමියගෙ ජීවිතයට පවා ඖෂධ සමාගම්වලින් තර්ජන තියෙනවා. අපි අපේ දිවි දෙවැනිකොට එතුමිය ආරක්‍ෂා කරනවා. එතුමියගේ පරීක්‍ෂණවලට නිසි සහය ලැබුණොත් මුළු රටම පොහොසත් කරන්න ඒ හරහා පුළුවන්.

ඒ වගේම දේශීය නිෂ්පාදකයින්ට දකුණු පළාත් සභාව තුළින් විශේෂ සහන ලබාදෙන්නත් මම කැපවෙනවා. ඒ මගින් රටේ මුදල් රටේම ඉතිරි කරගෙන රටේ අර්ථිකය ශක්තිමත් කරන්නත් මම කැපවෙනවා. එවිට රැකියා අවස්ථා ඇතිවීමල ඒ ඉතිරිවෙන මුදල් රටේ ජනතාවට ලැබී ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වීම අනිවාර්යයි.

ඔය ඔක්කොම කරන්න පුළුවන්ද?

අපොයි මොකද බැරි?  මේ සමහර දේවල් අපි දැනටමත් කරන දේවල්. නමුත් අවශ්‍ය තරමට ව්‍යාප්ත කරගන්න තවම බැරිවෙලා තියෙනවා. මම ලබන මන්ත‍්‍රීකම පාවිච්චි කරන්නෙ මෙන්න මේ වැඩ පිළිවෙල වැඩිදියුණු කරල පවත්වාගෙන යන්න අවශ්‍ය සමාජ බලය ලබාගන්නයි.

ඔබත් මහ ඇමතිකම බලාපොරොත්තු වෙනවද?

අපොයි නැහැ. මේ ඉන්න මහ ඇමතිතුමා අපට හොඳටම හොඳයි. එතුමා උගතෙක්, බුද්ධිමතෙක්, හොද කලාකරුවෙක්. ඒ සියල්ලටම වඩා ප‍්‍රායෝගික ජන නායකයෙක. මම දේශපාලනිකවත් පුද්ගලිකවත් එතුමාව දන්නවා. එතුමගෙ එකඟතාව හා ආශීර්වාදය මේ ගමනට මට ලොකු හයියක්.

ගණිකා ව්‍යාපාරය නීතිගත කරන එකත් මේ මැතිවරණයේදී කතාවෙන මාතෘකාවක්. ඔබ මොකද ඒ ගැන කියන්නෙ?

(සිනාසෙමින්) යමක් නීතිගත කරනවා කියන්නෙ පාර්ලිමේන්තු පණතක් මගින් සම්මත කරලල අදාල ආයතනයක් පිහිටුවල, අමාත්‍යාංශයකට අනුබද්ධ කරලල පණත උල්ලංඝනය කරන අයට දඬුවම් දෙන යාන්ත‍්‍රණයක් හදල කළයුතු ලොකු වැඩක්. ඔය කියන විදියට නම් ‘ගණිකා වෘත්තිය විධිමත් කිරීමේ හා පවත්වාගෙනයාමේ පණත’ කියල පණතක් ගෙනැත්, ‘ගණිකා කටයුතු පිළිබඳ අධිකාරිය’ කියල ආයතනයකුත් පිහිටුවල, ගණිකා කටයුතු කොමසාරිස්වරයෙක් පත්කරල, නීතියේ හැටියට ගණිකා වෘත්තියේ යෙදෙන හැටි පිළිබඳ උපදෙස් හා නීති පනවල, හරි විදියට වෘත්තියේ යෙදෙනවද කියල බලන්න කඩාපනින ගණිකා පරීක්‍ෂකවරු පත්කරල, වැරදියට වෘත්තියේ යෙදෙන්නන් උසාවි දාල ඔවුන්ට දඩ ගහලා…(මහ හඩින් සිනාසෙමින්) හිතාගන්න පුළුවන්ද මේ වගේ තත්වයක් ගැන? මේක තනිකරම පිස්සු කතාවක්. ඊ ළගට කියයි සමලිංගික විවාහයත් පිළිගන්නය කියල. මේක ලංකාව. දකුණ. ගාල්ල. මේ හදන්නෙ ගාල්ලෙ නම කැත කරන්න. ඔය වගේ මොංගල් අදහස්වලට ගාල්ලෙ ඉඩ නෑ.

සංවාද සටහන – ගාල්ලේ උදිත සෙනරත්

No comments:

Post a Comment