Thursday, February 27, 2014

කොළඹ පිටත අධිවේගයේ කිලෝමීටරයක වියදම කෝටි 225යි

කඩුවෙල සිට කොට්ටාව දක්වා දිවෙන කොළඹ පිටත වටරවුම් මාර්ගයේ පළමු අදියර සඳහා කිලෝමීටරයකට රජය රුපියල් බිලියන 2.25ක් (කෝටි 225) වියදම් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


කිලෝමීටර් 12ක දිගින් යුතු මාර්ග කොටස සඳහා ජපන් රජයේ ආධාර යටතේ වැයකර ඇති මුදල රුපියල් බිලියන 27කි. එම කොටස එළඹෙන 8වැනිදා මහජනතාවට විවෘත කිරීමට නියමිත බවද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.එම අදියර විවෘත වීමත් සමග වාහන හිමියන්ට කඩුවෙල සිට ගාල්ල දක්වා ගමන් කිරීමට අවස්තාව හිමිවෙයි.


මෙහි දෙවැනි අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝමීටර් 8.9ක මාර්ග කොටස ලබන වසරේ දී ජනතා අයිතියට පැවරීමට නියමිත බවද අවසන් අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9.2ක මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු ඉන් අනතුරුව ආරම්භ කරන බවද ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුව පවසයි.

No comments:

Post a Comment