ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංවිධානයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා ඇති බව බී.බී.සී.ය පවසයි.
ලන්ඩනය මුලස්ථාන කොටගත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ මානව හිමිකම් ආයතනය (IBAHRI) බ්‍රහස්පතින්දා තම ඉල්ලීම ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ නවනීදන් පිල්ලේ විසින් ප්‍රකාශයට පත් කරනලද අලුත්ම වාර්තාවෙන් යෝජනා කොට ඇති පරිදි අතීත මානව හිමිකම් නීති උල්ලංඝනයන්ද විභාග කළ යුතු බව යැයි බී.බී.සී.ය පෙන්වා දෙයි.
රජය හා එල්.ටී.ටී.ඊ.ය අතර සන්නද්ධ ගැටුම හමාර වීමෙන් අනතුරුව විධායක බලය සම්බන්ධ සංවරණ හා තුලන විධිවිධාන ක්‍රමානුකුලව ඉවත් කෙරෙන බව IBAHRI සම සභාපතිනී හෙලේනා කෙනඩි පවසා ඇති බවද එහි දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණයක් නොමැති බවට චෝදනා කරන ඇය, ඒ නිසා, මානව හිමිකම් උල්ලංඝන හා යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට කිරීමට ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය කිහිප වරක් අසමත් වී ඇතැයි පවසා තිබෙන බවද බී.බී.සී.ය. වැඩිදුරටත් පෙන්වා දෙයි.
No comments:
Post a Comment