Thursday, April 23, 2015

'රක්නා ලංකා' BMICH අවි ගබඩා ඉවතට !

'රක්නා ලංකා' ආරක්ෂක සමගම විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව (BMICH) තුල පවත්වා ගෙන යන අවි ගබඩා සංකීර්ණ වහාම එම ස්ථානයෙන් ඉවත්කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට නියෝගකර ඇත.
බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ කාමර ගණනාවක නවීන පන්නයේ ස්වයංක්‍රිය අවි 3000කට වැඩි ප්‍රමාණයක් ගබඩා කර තිබෙන බවත්, එය රටේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකි බවත් ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය මේ වනවිට බි.එම්.අයි.සී.එච්. අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානිය වේ. 

රාජපක්ෂ පාලන සමයේදී ස්ථාපිත කරනු ලැබූ 'රක්නා ලංකා' ආරක්ෂක සමගමේ සිදුව ඇතැයි කියන බරපතල මුල්‍ය අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්ෂණයක් ආරම්භවී ඇති අතර, එම විමර්ශනයන්ට අනුව, ඉදිරිදින කිහිපය තුලදී එම ආයතනයේ හිටපු ප්‍රධානියකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

- SLM-

No comments:

Post a Comment