Wednesday, April 22, 2015

මහින්ද බරපතල පැටලැවිල්ලක

තමන්ගේ පාලන සමයේ වැරදි අඩුපාඩු සිදුවූ බවත් එම වැරදි කළ පුද්ගලයන්ට දඬුවම් නොකළ බවත් එය තමන් කළ වරදක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගම්පහ හේනේගම ප්‍රදේශයේ විහාරස්ථානයකදී පවසා තිබේ.
එහිදී ඔහු පවසා ඇත්තේ "මගේ රජයේ සමහර ඇමතිවරු මන්ත්‍රීවරු කළ බලුකම්,කුපිඩිකම්වලට මම සමාව දුන්නා. ඒවායේ ප්‍රතිවිපාක මම දැන් බුක්ති විඳිනවා. ආයෙත් නම් ඒ වගේ වැරදි කරන්නේ නැහැ" යනුවෙනි.

කෙසේ නමුත් ඔහු එහිදී වැඩිදුරටත් පවසන්නේ තමන්ගේ පාලනයේ සමයේ වැරදි අඩුපාඩු සම්බන්ධයෙන් එදා විපක්ෂ දැඩි විවේචනයක් එල්ල කළේ ජාත්‍යන්තර බලවේගවල කුමන්ත්‍රණවලට අනුව බවයි.

තමන්ගේ පාලන සමයේ බරපතල සිදුවීම් සිදු වූ බවට ‍විටෙක පිළිගන්නා හිටපු ජනාධිපතිවරයා තවත් විටෙක පවසන්නේ එම සිදුවීම්වලට විවේචන එල්ල කිරීම ජාත්‍යන්තර බලවේගවල කුමන්ත්‍රණයක් බවයි.

මහින්ද රාජපක්ෂ සමයේ සිදු වූ බරපතල වංචා, දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන් නිද්‍රාශීලීව සිට එවැනි අපරාධ කරුවන් බෙරාගැනීම දක්වා කටයුතු කර පසුව ඊට එල්ලවන විවෙචන ජාත්‍යන්තර බලවේගවල කුමන්ත්‍රණ ලෙස හුවා දැක්වීමදක්වා තම පාර්ෂවය වැටී ඇති බව ඔහුම පෙන්වා ඇති බවත් ජනාධිපතිවරයාගේ එම පරස්පර ප්‍රකාශ තුළින්ම පිළිබිඹුවන්නේ මහින්ද පාර්ශවය මේ වනවිට පත්ව තිබෙව පැටලලි සහගත ස්වභාවයේ තරම බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

No comments:

Post a Comment