Wednesday, April 22, 2015

නෙළුම් කුළුණේ ඔත්තු බලන්නේ නැති බව චීන සමාගම් කියයි.

මෙරට ඉදි කර ඇති නෙළුම් කුළුණ ව්‍යාපෘතිය මගින් රහස් ඔත්තු බැලීමේ සැලැස්මක් සිදු කරන බව ඉන්දියාව විසින් සිදු කරන චෝදනාව පදනම් විරහිත ප්‍රකාශයක් බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව අදාළ ඉදිකිරීම් කරන චීන සමාගම් පවසයි.
චීනයේ නිල මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ එවැනි කිසිදු ඔත්තු බැලීමක් මෙතුළින් සිදු නොවන බව අදාළ සමාගම් සදහන් කරන බවයි.

පසුගියදා ඉන්දියානු උපාය මාර්ගික විශ්ලේෂකයෙකු වන භෂ්කර් රෝයි ‘‘ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය හා සන්නිවේදන අවශ්‍යතා මුවාවෙන් නෙළුම් කුළුණ නමින් ක්‍රියාත්මක කර ඇති මෙම ව්‍යාපෘතියෙන් චීනය ඉන්දියානු සාගර කලාපයේ රහස් ඔත්තු බැලීම සඳහා ඉලෙක්ට්‍රෝනික සන්නිවේදන ශ්‍රවණ මුරපොළක් ඉදිකරන බව පවසා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ ඉදිකිරීම් බාරව සිටින චීන සමාගම් පවසා ඇත්තේ ඒවා “පදනම් විරහිත“ ප්‍රකාශ බවයි.

No comments:

Post a Comment