Wednesday, April 23, 2014

මැති ඇමතිවරුන් දුර්වලයි. කුමක් හෝ කරන්න. ආණ්ඩු වෙනසක් ගැන බොදුබල සේනා ප‍්‍රකාශයට මල්වතු මහ නාහිමියන්ගෙන් ප‍්‍රතිචාර.

ආණ්ඩු වෙනසක් කළ හැකි බවට බොදුබල සේනා සංවිධානය කළ ප‍්‍රකාශය අනුව කුමක් හෝ කරන්නැයි මල්වතු මහ නාහිමියන් එම සංවිධානයට අද ප‍්‍රකාශ කළා. එ, බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල හිමියන් බැහැදැකීම සඳහා අද එහි ගිය අවස්ථාවේදීයී. අවශ්‍ය නම් ආණ්ඩු වෙනස් කිරීමේ බලය තම සංවිධානයට පවතින බවට ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප‍්‍රකාශ කළා. 

මේ අතර, රාවණා බලය සංවිධානයේ නියෝජිතයන් පිරිසක්ද අද මල්වතු මහ නාහිමියන් මුණ ගැසීමට ගියේ පසුගිය වර පැවති නීති ශිෂ්‍ය ප‍්‍රවේශ විභාගයෙන් නීති විද්‍යාලයට බඳවා ගත් සිසුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව උන්වහන්සේගේ අවධානයට යොමු කිරීමටයි.

එමෙන්ම ජාතික සංඝ සම්මේලනයේ නියෝජිතයන් පිරිසක් අද මල්වතු මහ නාහිමියන් බැහැ දුටුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කැසිනෝ සම්බන්ධයෙන් වන ගැසට් පත‍්‍ර 03ක් සම්බන්ධයෙන් උන්වහන්සේගේ අවධානය යොමුකිරීම සඳහායී.

No comments:

Post a Comment