Wednesday, April 23, 2014

සංගා සහ මහේලගේ විනය ක්‍රියාමාර්ග අත්හිටුවයි

කුමාර සංගාක්කාර සහ මහේල ජයවර්ධන යන ක්‍රිකට් ක්‍රීඩකයින් දෙ‍දෙනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට තිබූ විනය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ. 
20/20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණි අවස්ථාවේ කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා විවේචනය කරන ලදී. 

20/20 ලෝක කුසලාන ජාත්‍යන්තර තරඟවලින් ඉවත් වීම පිළිබඳ තමන් ගත් තීරණය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් කිසිදු විමසීමකින් තොරව මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම බරපතළ ගැටලුවක් බව ඔවුන් පෙන්වා දෙයි. 

එම ප්‍රකාශය පිළිබඳව පසුගිය දින රැස්වු ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අවධානය යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විනය කමිටුවේ අදහස් විමසීමට තීරණය වී තිබුණි. 

කෙසේ වෙතත් අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා සම්බන්ධයෙන් ක්‍රීයාත්මක කිරීමට තිබූ විනය ක්‍රියාමාර්ගය අත්හිටවු බව ශ්‍රී ලංකා ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේය.

No comments:

Post a Comment