Saturday, April 12, 2014

අතුරුදන් යානය ඩියගෝ ගාසියාවේ ?

අතුරුදන් මැලේසියානු ගුවන් යානය ඩියගෝ ගාසියා දිවයිනට ගොඩ බස්වා ඇති බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව අමෙරිකාව පවසා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ’


අමෙරිකානු හමුදා කඳවුරු පිහිටා තිඛෙන එම දිවයිනට යානය ගොඩ බස්වා ඇති බවට එල්ල වන චෝදනා පදනම් විරහිත බව ඇමරිකානු බලධාරීන් හෙළිකර ඇතැයිද ඒවායේ දැක්වේ’

මාර්තු 8 වැනිදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය ඩියගෝ ගාසියාහි රඳවා තිඛෙන බවට ලොව පුරා කටකතා පැතිර යමින් පවතී’

මේ අතර” මැලේසියාවේ අමෙරිකානු තානාපතිවරයා පවසා ඇත්තේ” එම කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි’

මැලේසියානු ගුවන් යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවට එය අතුරුදන් වී දින කිහිපයකට පසු ව බලධාරීන් විසින් නිගමනය කරනු ලැබිණ’

ඒ අනුව යානය සොයා රටවල් රැසක දායකත්වයෙන් අදාළ මුහුදු කලාපයේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබුණද මෙතෙක් සනාථ කළ හැකි හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවී ඇත’

මෙහෙයුම්වල නිරත නෞකා කිහිපයක් ගුවන් යානයක කළු පෙට්ටියකින් නිකුත් වන බවට විශ්වාස කළ හැකි ස්පන්දන සංඥාවන් ග්‍රහණය කර ගෙන ඇතත් ඒවා මැලේසියානු ගුවන් යානයෙන් නිකුත් වූ සංඥා ම ද යන්න තහවුරු වී නොමැත’

මගීන් 239 දෙනෙකු රැගෙන මැලේසියාවේ ක්වාලලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයට සිදු වුයේ කුමක් ද? යන්න තව දුරටත් අභිරහසකි’

No comments:

Post a Comment