Saturday, April 12, 2014

ගෝපි, අප්පන්, තේවියන් හමුදා ප්‍රහාරයෙන් මරුට

කේ. පී. සෙල්වනායගම් හෙවත් ගෝපි යනු නෝර්වේහි නෙදියවන් කණ්‌ඩායමේ ක්‍රියාකාරියෙකි. සහජීවන වැඩපිළිවෙළට මුවාවී මෙරටට පැමිණ යාපනයට ගිය ගෝපි මාර්තු 13 වැනිදා කිලිනොච්චියේ ධර්මපුරම්හිදී පොලිස්‌ නිලධාරියකුට වෙඩි තබා පැන ගියේය. කිලිනොච්චියේදී මැදියම් රැයේ පෝස්‌ටර් අලවමින් සිටියදී අල්ලාගත් පොලිසිය එකී පෝස්‌ටර් විමර්ශනයට ලක්‌ කිරීමේදී ඊළාම් දේශය ආරම්භ කිරීමට ආයුධ සන්නද්ධ අරගලයක්‌ දියත් කළ යුතු යෑයි සඳහන්විය. ඔවුන්ගේ ප්‍රශ්න කිරීමේදී ගෝපී ගැන හෙළි විය. ගෝපිව අල්ලා ගැනීමට දැරූ උත්සාහයකදී ඔහු පොලිසියට වෙඩි තැබීය. මොහු සැඟවී සිටියේ බාලේන්ද්‍රන් ජයකුමාරි නමැත්තියගේ නිවසේය.
ඇගේ නිවස පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී මෙනිලැබ් – එµa- 3 වර්ගයේ බිම්බෝම්බ සෙවීමේ උපකරණයක්‌ අසු විය.
මේ නිසා කොටි ත්‍රස්‌තවාදීන් විසින් සඟවා ඇති ආයුධ එකී උපකරණය මගින් ගොඩගැනීමට උත්සාහ කරන බව සනාථ විය.
කජීසන් පොන්නයියා සෙල්වනායගම් හෙව්ත ගෝපි හෙවත් කාසියන් කොටි බුද්ධි අංශ නායක පොට්‌ටු අම්මාන්ගේ ගෝලයෙකි. 2013 දීA ගෝපි කටුනායක ගුවන්තොටුපලින් මෙරටට සම්ප්‍රාප්ත විය. ඔහුව මෙරටට එවා තිබුණේ නෙදියවන්ය.
ගෝපි කොටි සඟවා තිබූ ආයුධ ඇති තැන් දැන සිටියේය. ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ගෝපි සැඟවී සිටි ධර්මපුරම් නිවසේ හිමිකාරිය කවුදැයි විමර්ශනය කරන විට එය ජෙයකුමාරි නමැත්තියට අයත් යෑයි හෙළි විය.
මේ ජෙයකුමාරි කවුද?
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යාපනයේ සංචාරය කරන අවස්‌ථාවේ තම පුත්‍රයාව හමුදාව පැහැරගෙන ගිය බටව දක්‌වමින් කැමරන්ට ලිපියක්‌ දුන්නේද ඇයයි.
එහෙත් ඇගේ පුත්‍රයාව පැහැරගෙන ගියේ කොටියෑයි හෙළි විය.
කොටි ත්‍රස්‌තවාදියාට සහයදීම ගැන ඇයව අත්අඩංගුවට ගනු ලැබීය. එය ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙන ගියේ ආනන්දි සශිකරන් හෙවත් ත්‍රිකුණාමල හිටපු කොටි හමුදා නායකයා වූ එලිලන්ගේ බිරියයි.
ගෝපි සමග තේවියන් සහ අප්පන් ද කොටි සංවිධානය නගාසිටුවීමට ක්‍රියා කරන බව බුද්ධි අංශවලට වාර්තා විය.
ආරක්‍ෂක අංශවලට කට්‌ටි පනිමින් සිටි ගෝපි ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගැනීමට සහය වන අයකුට රුපියල් දස ලක්‍ෂයක්‌ තෑගි කරන බව ද රජය නිවේදනය කර තිබිණි.
මේ අතර නෙදුන්කර්නි ප්‍රදේශයේදී ගෝපි ඇතුළු සිවුදෙනකු හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත්වී ඇතැයි වාර්තා විය. අඩි 6 ක්‌ උසැති ගෝපි වන්නි මෙහෙයුමෙන් පසු සිවිල් වැසියන් සමග වව්නියාවට පැමිණ තිබේ. ඔහු ඉන්පසු යුරෝපයට පැන ගියේය.
ගෝපිගේ සිද්ධිය රජය මානව හිමිකම් සමුළුව ඉදිරියේ හෙළි කලත් ගෝපිට රැකවරණය දුන් ජෙයකුමාරි අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ඇති බව කියන පුවත සමුළුව ඉදිරියේ ප්‍රචාරය විය.
එසේම ගෝපි නැමැත්තකු නැතැයි ද රජය බොරු නම්වලින් කොටින්ව නිර්මාණය කරන බවටද ප්‍රචාරය විය. ගෝපිට නවාතාන් දැනු බාලෙන්ද්‍රන් ජෙයකුමාරි අහිංසක කාන්තාවක්‌ ලෙසද කොටි හිතවාදීහු හා රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් සමුළුව ඉදිරියේ කියා සිටියහ.
ගෝපිට සහය වූ තේවියන් කොටි ගුවන් භටයෙකි. එසේම කුලසිංහම් පුවනේශ්වරි සහ රාසමාලම් නමැති කාන්තාවන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමෙන් ගෝපිගේ සියලු වගතුග හෙළි විය.
රාසමාලම් යනු ගෝපිගේ මවයි.

No comments:

Post a Comment