අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ නියමුවන් විසින් ගුවන් පාලක මැදිරිය අමතා කළ අවසන් වචනය පිළිබද තවත් ප්‍රවෘත්තියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. =D>
මීට පෙර නියමුවන් විසින් ගුවන් පාලක මැදිරිය අමතා අවසන් වරට ප්‍රකාශ කර තිබුණේ ඕල් රයිට් ගුඞ් නයිට් යන්නයි. එහි අදහස වූයේ සියල්ල නිවැරදියි. සුබ රාත්‍රියක් යන්නයි. කෙසේ නමුත් මේ වන විට මලයාසියානු සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුය එය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ ගුවන් නියමුවන් විසින් අවසන් වරට ප්‍රකාශ කර සිටියේ ගුඞ් නයිට් මැලේසියා, ත්‍රී සෙවන් සීරෝ යන්නයි. එමගින් මැලේසියාවට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන ගුවන් නියමුවා තමන් පදවන ගුවන් යානයේ අංකය වන 370 සදහන් කර තිබුණා. නමුත් මලයාසියානු සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් චීන මාධ්‍ය චෝදනා එල්ල කරනවා. එමගින් කියවුණේ ගුවන් යානය සොයා ගැනීමේ ප්‍රමාදය වසන් කර ගැනීමට මලයාසියානු බලධාරීන් විවිධ ප්‍රබන්ධ නිර්මාණය කරන බවයි.
No comments:
Post a Comment