මගීන් 239 දෙනෙකු සමඟ මැලේසියාවේ කුවාලාලාම්පූර් සිට චීනය බීජිං නුවර බලා ගමන් කරමින් තිබියදී අතුරුදහන් වූ ගුවන් යානයේ සිටි මගීන්ගේ ජංගම දුරකතන නාද වූයේ යයි ඔවුන්ගේ ඥාතීන් විසින් බලධාරීන්ට දැනුම් දී තිබේ.
මේ සිද්ධියත් සහඟ ගුවන් යානය අතුරුදහන් වීමේ සිද්ධියේ අභිරහස තවත් තීව්ර වී ඇත.
චීන මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ ඥාතීන් අතුරුදන් වූවන් කිහිප දෙනෙකුගේ ජංගම දුරකතනවලට අමතා ඇති අතර එම දුරකතන නාද වී ඇති බවත් එම දුරකතන ඇමතුම්වලට කිසිවෙකුත් පිලිතුරු දී නොමැති බවත්ය.
එහෙන්ම 239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට ගමන් කරන අයුරු රේඩාර් සටහන්වල දක්නට ලැබෙන බව මලයාසියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරනවා. මෙම තොරතුරු මීට ටික වේලාවකට පෙර අනාවරණය කළේ රොයිටර් පුවත් සේවයයි. යානයේ සුන්බුන් සෙවීමේ කලාපය මලයාසියානු අර්ධ ද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත්‍රා දිවයින් පෙළ දක්වා පුළුල් කිරීමෙන් පසු සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති මොහොතකයි මෙම තොරතුර අනාවරණය වූයේ.
No comments:
Post a Comment