Tuesday, March 11, 2014

ෆොට්ට නවුෆර් මැද කොළඹ ඡන්ද දායකයින් අමතයි

හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනයට වැරදිකරු වී මරණීය දඬුවම නියමව සිරගත කර ඇති පාතාල නායකයකු වන පොට්ට නවුෆර් ස්කයිප් තාක්‍ෂණයෙන් මැද කොළඹ ඡන්ද දායකයන් අමතා ඇතැයි වාර්තා වේ.

මෙවර මැතිවරණයට තරඟ කරන ප‍්‍රබල අපේක්ෂකයෙකුට ඡන්දය දෙන ලෙස මෙසේ පොට්ට නවුෆර් මැද කොළඹ මුස්ලිම් ඡන්ද දායකයන්ට දැනුම් දී ඇත.

මිනීමරුම් ගණනාවක් සම්බන්ධයෙන් එල්ල වී ඇති, නීති විරෝධී ජාවාරම් රැසකට සම්බන්ධ බවටද පැවසෙන මැද කොළඹ ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මත් කුඩු ජාවාරම මෙහෙය වූ පොට්ට නවුෆර් මේ වන විට බන්ධනාගාරය තුළ සියලූ සැප පහසුකම් විඳිමින් සිටී.

බෝගම්බර බන්ධනාගාරය පසුගිය සතියේ වසා දැමීම නිමිත්තෙන් පැවති පිරිත් පින්කමකදී ඔහු නිදහසේ එහෙ මෙහෙ යන අයුරු ඡයාරූපවල සටහන්ව තිබූ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියකුද එය සත්‍යයක් බව ප‍්‍රකාශ කර තිබිණි.

No comments:

Post a Comment