තම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණවලට දිගින් දිගටම සිදුවන බාධා කිරීම්වලට එරෙහිව නිසි පිළියමක් මැතිවරණ කොමසාරිස්වරයා හෝ පොලිස්පතිවරයා හෝ කඩිනමින් නොගතහොත් ඉදිරියේදී මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන බව සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය නැවතත් අවධාරණය කර සිටියි.
සරත් ෆොන්සේකා මහතා මැතිවරණ කොමසාරිස්වරයා හමුවී පසුගිය 19 වැනිදා ද මෙම කාරණය අවධාරණය කර තිබිණ.
ජනාධිපතිගේ ගම්පළාත වන හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ තම පක්ෂයට කිසිදු මැතිවරණ කි‍්‍රයාවලියක් සිදු කිරීමට අවිආයුධ සහිත මැරයන් ඉඩ නොදෙන බවත්, ප්රචාරක කටයුතු වෙනුවෙන් අවසර ලබාගත්තද කිසිදු හේතුවක් නොදන්වා එම අවසරයන් බල රහිත කර ප්රචාරක රැළි තහනම් කරන බවත්, ඒවා පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු පොලිස්පති හා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කළ ද මේ වනතුරු කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසයි.
හම්බන්තොට හා වීරකැටිය ආදී ප්‍රදේශවලදී ආණ්ඩු පක්ෂ මැරයන් තමන්ගේ රැළිවලට පැමිණ ටී 56 තුවක්කු පෙන්වමින් තර්ජනය කරන විට පොලිසිය කිසිවක් නොකර බලා සිටි බවත්, බස්නාහිර සහ දකුණු පළාත තුළ මෙවැනි කි‍්‍රයා බොහෝමයක් සිදුවන බැවින් සාධාරණ මැතිවරණයකට ඉඩක් නොමැති නම් ඉදිරියේදී මැතිවරණයෙන් ඉවත් වන බවත් ඉන් අනතුරුව ඒ පිළිබඳ ජාත්‍යන්තරයට පැමිණිලි කරන බවත්, කැටගොඩ මහතා වැඩිදුරටත් පවසයි.
කොළඹ අමු අමුවේ මැතිවරණ නීති කඩමින් ආණ්ඩුවේ ප්රචාරක රැස්වීමක් ඇමතූ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ ක්‍රියාව ගැන මැතිවරණ කොමසාරිස් වරයා මෙතෙක් කෙළ බින්දුවක් හෝ හෙළා නැත.
No comments:
Post a Comment