කොළඹ නයනාරෝග්‍ය ශාලාව (ඇස් රෝහල) තුල සවිකර තිබූ අකුණු සන්නායක පද්ධතිය දැනට දින කීපයකට පෙර සිට අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. දැනට මාස කීපයකට පෙර ලක්‍ෂ 15 කට වඩා වැඩි මුදලක් වැයකරමින් සවිකරන ලද මෙම නවීනතම අකුණු සන්නායක පද්ධතිය මේ ආකාරයෙන් හදිසියේම අතුරුදහන්වීම රෝහලට බරපතල අනතුරුදායක තත්වයක් බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් ගාමිණී කුමාරසිංහ මහතා පවසයි.
දැනට ඇස් රෝහලේ ශල්‍යාගාරවල, සායන කාමරවල විශේෂිත පරීක්‍ෂණාගාරවල කෝටි ගණන් වටිනා නවීනතම උපකරණ රාශියක් රෝගී ප‍්‍රතිකාර කටයුතු සඳහා භාවිතා කරයි. එම උපකරණවල ආරක්‍ෂාව මේ වන විට සම්පූර්ණයෙන් මෙම සන්නායක පද්ධතිය නොමැතිකම නිසා බරපතල අර්බුදයකට ලක් වී ඇත.
ඒනිසා මෙම සන්නායක පද්ධතිය සවිකර තිබෙන වහලය මතට නැගීමට වෙනත් කිසිම පුද්ගලයකුට හැකියාවක් නැති බවත් ඊට හේතුව එම ස්ථානයට ගමන් කිරීමට ඇති මාර්ගය සම්පූර්ණයෙන් ආයතන පරිපාලනය විසින් ඉබි යතුරු දමා වසා දමා තිබීම බවත් ගාමිණී මහතා පවසයි. එසේ වසා දමා තිබියදීත් මෙම අකුණු සන්නායක පද්ධතිය අතුරුදහන්වීමේ ක‍්‍රියාවලයි පිටුපස පරිපාලනයේ යම් අනුබලදීමක් සිදුවුනාද යන්න පිළිබඳ සේවකයින් තුළ යම් සැකයක් ඇති වී තිබෙන අතර මේ පිළිබඳව වහාම පරීක්‍ෂා කර ඊට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානුකූලව අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්ට අවධාරණය කර සිටින බවත් ගාමීණී කුමාරසිංහ මහතා පවසා සිටියි.
No comments:
Post a Comment