අඩි 7ක් උස, අඩි 10ක් පළල කැටපත් තුන්ලක්ෂයක් පරිගණක ආධාරයෙන් මෙහෙයවමින් හිරු කිරණ අඩි 459ක් උසැති කුළුණු 3කට යොමු කර විදුලිය නිපදවීමේ ලොව විශාලතම සූර්ය බලාගාරය ඇමරිකාවේ නෙවාඩා වැලි කතරේදී පසුගිය සතියේ මෙහෙයුම් ආරම්භ කළා.
එම කුළුණේ ජලය, හුමාලය බවට පත්කොට ටර්බයින් කි්රයාත්මක කරවීමෙන් විදුලිය නිපද වනු ලබනවා. ඉවන්ෆා ලෙස නම් කෙරුණු මෙම සූර්ය විදුලි ජනන පද්ධතිය මගින් මෙගවොට් 392ක විදුලියක් නිෂ්පාදනය කෙරෙනවා.
එමගින් කැලිෆෝනියාවේ නිවාස එක්ලක්ෂ 40,000කට විදුලිය සැපයීමට හැකියාවක් ඇති බව සදහන්. එමෙන්ම සූර්ය බලාගාරයෙන් වසරකට මෙටි්රක් ටොන් හාරලක්ෂයක් කාබන්ඩයොක්සයිඞ් වායුගෝලයට එක්වීම වළක්වන අතර එය වාහන 72,000ක් මාර්ගයෙන් ඉවත් කිරීමක් ලෙස සැලකිය හැකියි.
No comments:
Post a Comment