Wednesday, October 14, 2015

යෝෂිත කොටුවෙයි – හොරවැඩ නාවික වාර්තාවෙන් එළියට- (ලංකා ඒ නිව්ස් විශේෂ හෙලිදරව්ව)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත‍්‍රයකු වන යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ පරීක්ෂණයෙන් ඔහු වරදකරුවකු බව තීරණයවී ඇතැයි විශ්වාසනීය තොරතුරු ලංකා ඒ නිවුස් වෙත අනාවරණ කළා.
රියර් අද්මිරාල් ඩීී ඩබ්ලිව් බී වැල්ලවත්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් වූ කණ්ඩායමක් මෙම පරීක්ෂණය සිදුකර තිබූ අතර එහිදී යෝෂිත රාජපක්ෂ පිළිබදව කරුණු රැුසක්ම හෙලිව ඇතැයිද සදහන්.නාවික හමුදාවේ කැඩෙට් නිලධාරීන් බදවා ගැනීම සදහාවූ 45 වන කණ්ඩායම වෙනුවෙන් පලවූ පුවත්පත් නිවේදනයේ සදහන්ව තිබුණේ එක්වරකදී සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉංග‍්‍රීසි , ගණිතය, විද්‍යාව හා සිංහල විෂයන් සහිතව සම්මාන 6ක් හා උසස් පෙළ විභාගයේ සම්මාන දෙකක ලබා ගෙන තිබීමයි. කෙසේ වෙතත් නාවික නිලධාරියකු බවට පත්ව සිටින ලුතිනන් යෝෂිත රාජපක්ෂට සාමාන්‍ය පෙල සිංහල විෂයට අදාල සුදුසුකම් හා උසස් පෙල නියමිත සුදුසුකම් නොමැති බවද හෙලිව තිබෙනවා. එම තත්ත්වය තුල ඔහු නාවික හමුදාවට බදවා ගනු ලැබුවේ කෙසේද යන්න සම්බන්ධයෙන් මතුව ඇත්තේ දැඩි ගැටලුකාරී තත්ත්වයක් බවද සදහන්.

ඒ අනුව 2003/2004 කාල වකවානුවේදී සාමාන්‍ය පෙල ප‍්‍රතිඵල මත පමණක් නිවාක නිලධාරීන් බදවා ගැනීමට නාවික හමුදාව කිසිදු තීරණයක් ගෙන ඇත්දැයි මෙම කමිටුව සොයා බලා ඇති අතර එහිදීද හෙලිව ඇත්තේ එවන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.මේ අතර ඔහු කැඩෙට් පුහුණුව ලබද්දී ජ්‍යෙෂ්ට නාවික නිලධාරීන් තිදෙනකු හා ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂාවද ලබා ඇති බව මෙහිදී හෙලිව තිබෙනවා.එයද නාවික හමුදා නීති උල්ලංගනය කිරීමක් බවයි පැවසෙන්නේ.

මේ අතර නාවික හමුදාවේ දක්ෂතම පුහුණු කැඩෙට් නිලධාරියා ලෙස යෝෂිත රාජපක්ෂට සම්මාන ලබාදීමද පෙර සැලසුම් කර සිදුකර ඇති අතර එය මෙහෙයවා ඇත්තේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ බව මෙහිදී හෙලිව තිබෙනවා.

එසේම බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවේ පුහුණුවක් සදහා නාවික හමුදාව විසින් යෝෂිත රාජපක්ෂ යොමුකළ බවට පල වන වාර්තා අසත්‍ය බවත් එය ඔහු විසින් මුදල් ගෙවා හදාරන ලද්දක් බවත් මෙහිදී අනාවරණය වී ඇතැයි සදහන්.

පසුව බි‍්‍රතාන්‍යයේ හැම්ප්ෂයර් හීදී හා යුක්රේනයේදීද විශේෂ පුහුණුවක් යෝෂිත රාජපක්ෂ විසින් ලබා තිබෙනවා. මෙහිදී යුක්රේන පුහුණුව වෙනුවෙන් එවක තානාපතිවරයකුවූ උදයංග වීරතුංග මැදිහත්ව ඇති අතර ඒ වෙනුවෙන් යෝෂිත රාජපක්ෂට මුදල් ගෙවන ලෙස නාවික හමුදාවට බලපෑම් කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවද මෙම පරීක්ෂණයේදී හෙලිව තිබෙනවා.

මෙම පුහුණුවෙන් පසුව පුහුණුව ලැබූ වසරේ හොදම නාවික නාලධාරියා ලෙස ලබන කඩුව සම්මානය යෝෂිත රාජපක්ෂට ලබාදී ඇත්තේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ අණ පරිදි බවද මෙහිදී අනාවරණ කෙරුණා. ඒ වෙනුවෙන් යෝෂිත රාජපක්ෂ කිසිදු අයුරකින් සුදුස්සකු නොවන බවත් මේ හරහා පුහුණුව ලැබූ අනෙක් නිලධාරීන් සාධාරණයකට ලක්ව ඇති බවත් එහි සදහන්.

මේ අතර යෝෂිත රාජපක්ෂට ජනපති ආරක්ෂක අංශයේ නිලධාරියකු ලෙස අවශ්‍ය අවස්ථාවල අරලිය ගහ මන්දිරයට යාමට ඒමටද අවස්ථාව සලසා දී තිබූ බවයි හෙලිව ඇත්තේ. ඒ වෙනුවෙන් විශේෂ හැදුනුම්පතක්ද ඔහු වෙනුවෙන් නිකුත්ව තිබුනා. මෙම තොරතුරු සලකා බලා විශේෂ කටයුත්තක් ලෙස යෝෂිත රාපක්ෂට එරෙහිව පියවර ගනු ඇති බවයි අදාල වාර්තා වැඩිදුරටත් ලංකා ඒ නිවුස් වෙත අනාවරණ කළේ.

උපුටාගැනීම - ලංකා ඒ නිව්ස්

No comments:

Post a Comment