Wednesday, October 14, 2015

මහින්දව අත්අඩංගුවට ගැනීම වලකන්න හෙට කොලඹට ආධාරකරුවන් කැදවලා

පසුගිය ජනාධිපතිවරණයේ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී ස්වාධීන රූපවාහිනී සේවයේ වී ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳ ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසම කරන පරීක්ෂණයක සාක්ෂි විභාගය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දිනයේ කැඳවා ඇත.
එහිදී මහින්ද රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගනු ඇති බවට ලැබී ඇති තොරතුරු නිසා හෙට දිනයේදී මහින්දවාදීන් ලක්ෂ ගනනක් කොළඹට කැඳවා විශාල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීම සඳහා වැඩ පිලිවෙලක් මීට දින කිහිපයක සිට ක්‍රියාවට නගා ඇතැයි වාර්තාවේ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ශ්‍රී ලනිපයේ මහින්දවාදී කොටස් මේ සංවිධානය කරමින් සිටින බවත් දැන ගැනීමට ඇති අතර රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා ජනතාව අතරින් ආණ්ඩුවට පීඩනයක් එල්ල කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥ මහතුන් අදාළ කොමිසම හමුවට මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දිනයේ පැමිණෙන බව දන්වා ඇති බව ජනාධිපති විමර්ශන කොමිසමේ ප්‍රධානියෙකු පැවැසීය.

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන, ස්වාධීන රූපවාහිනී සේවයේ සාමාන්‍යාධිකාරී අරුණ මූර්ති වික්‍රමසිංහ, ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) උපාලි රංජිත්, ස්වාධීන රූපවාහිනී සේවයේ සහකාර කළමනාකරු දිලිප් ප්‍රියන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් ද හෙට (15) දිනයේ මෙම කොමිසම හමුවට සාක්ෂි විභාගය සඳහා කැඳවා ඇත.

හෙට පෙරවරු 9.00ට පමණ මෙම පිරිස කොමිසමට පැමිණීමට නියමිතය.

උපුටාගැනීම - lkdaily

No comments:

Post a Comment