Wednesday, October 14, 2015

රුසියානු තානාපති කාර්යාලයට ෂෙල් ප්‍රහාර

සිරියාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාල භූමියට ෂෙල් ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ.

ඩමස්කස් අගනුවර පිහිටි රුසියානු තානාපති කාර්යාල භූමියට ඊයේ දිනයේ මෙම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ රුසියානු ගුවන් ප්‍රහාර වලට සහය පළ කරමින් පිරිසක් තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයකද නිරත වී සිට ඇති බව වාර්තා වෙයි.

ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානයට එරෙහිව සිදුකරන සටන් වලට බාධා කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කොට ඇති බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

No comments:

Post a Comment