Monday, August 3, 2015

මහින්ද ඝාතකයා කුරුණෑගල ගියේ මංජුලා දිසානායකගේ ඉල්ලීමට

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් විසින් රාජ්‍ය බුද්ධි අංශයේ නිළධාරියෙකු බලෙන් රඳවා තබාගැනීමේ පුවතක් වාර්තා වේ. රාජපක්ෂගේ ආධාරකරුවන් පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව පවතින බවත් රජය එම කුමන්ත්‍රණය පිටුපස සිටින බවත්ය. ඔවුන් පවසන පරිදි ආණ්ඩුව මෙම නිළධාරියා යවා ඇත්තේ මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමේ අරමුණෙනි. 
එම රාජ්‍ය බුද්ධිඅංශ නිළධාරියා අදාල රැස්වීමට ගොස් ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක සාලින්ද දිසානායකගේ සහ සාලින්දගේ බිරිඳ වන මංජුලා දිසානායකගේ ඉල්ලීමකට අනුවයි. මංජුලා දිසානායක සහ අදාල නිළධාරියාගේ බිරිඳ පාසල් මිතුරියන් වන අතර එම හිතවත්කම මත ඔහු අදාල ස්ථානයට ගොස් තිබේ.

මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා එම නිළධාරියා එහි ගොස් සිටියා නම් එවැනි කුමන්ත්‍රණයක් සිදුකර ඇත්තේ සාලින්ද සහ ඔහුගේ බිරිඳයි . ඒ ඔවුන්ගේ ඉල්ලීම නිසා එම නිළධාරියා එහි සිටි බැවිනි. රාජපක්ෂ ඝාතනය කිරීමේ අවශ්‍යතාවයක් රජයට නම් තිබිය නොහැකිය. මන්ද ජනවාරි 08 වැනිදා මෙරට බහුතර ජනතාව ඔහුව ගෙදර යැවූ බැවින් ඔහුගෙන් රජයට කිසිදු තර්ජණයක් නොමැත. තර්ජණයක් පවතින්නේ නම් ඒ සාලින්ද ඇතුළ කුරුණෑගල එජනිස කණ්ඩායමටයි. ඒ ඡන්දදායකයන් වරක් ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ හම්බන්තොටින් මැතිවරණයට ඉදිරිපත් නොවී බලෙන්ම කුරුණෑගලට පැනීම නිසාය. ඒ නිසා රාජපක්ෂ ඇතුළු පිරිස සොයාබැලිය යුත්තේ කුරුණෑගල එජනිස කණ්ඩායමෙන් සිදුවන කුමන්ත්‍රණ පිළිබඳවයි.

මෙම සිදුවීම හරහා මහින්ද හිතවාදීන් මේ වනවිට මාධ්‍ය සන්දර්ශන පවත්වමින් සිටින අතර නියත පරාජය අභිමුව සිටින මරා හිතවාදීන් මේ වනවිට කටයුතු කරන්නේ මෙවැනි සිදුවීම් හරහා හෝ ජනතා අනුකම්පාව දිනාගැනීමටයි. ඉදිරියේදී මීටත් වඩා රසවත්, විසුළු සහගත සිදුවීම් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වීමට ඉඩ තිබේ. ඉදිරියේදී මහින්ද රාජපක්ෂගේ රැස්වීම් අසලින් බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය හමුවුවද පුදුම වියයුතු නොවේ.

No comments:

Post a Comment