Monday, August 3, 2015

අනුර යාපා සහ දයාසිරි වෙනම ගේමක!

මේ වන විට එක්සත් ජනතා සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප පොරය බලු පොරයක් බවට පත්වන ආකාරය දිස් වෙමින් පවතී.

මහින්ද රාජපක්ෂ මහතා සමග ජොන්ස්ටන් ප්‍රනාන්දු ඒකාබද්ධව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදෙන අතර ඔවුන් දෙදෙනා සමග ඉන්දික බණ්ඩාරනායකද එක්වී සිටී.
නමුත් වයඹ මහඇමති දයාසිරි ජයසේකර හා ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ඉහත කී පුද්ගලයන් සමග ඒකාබද්ධ නොවී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයන්හි යෙදී සිටී. ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ඔහුගේ මැතිවරණ ප්‍රචාරණය සඳහා භාවිතා කරන්නේ ‘ඇතුගල්පුරයෙන් ජාතික නායකත්වයට' යන ආදර්ශ පාඨයයි. ඒ අනුව ඉදිරි ජාතික ආණ්ඩුවකදී අනුර ප්‍රියදර්ශන යාපා ගේ නමත් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරය සඳහා සලකා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත හා අනුර ප්‍රියදර්ශන යාපා දෙදෙනාගෙන් වඩාත් හොදින් මනාප ලබා ගන්නා පුද්ගලයා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත්වීමට නියමිත වේ. සුසිල් ප්‍රේමජයන්ත හා අනුර ප්‍රියදර්ශන යාපා මේ දිනවල ප්‍රසිද්ධියේ පවසමින් සිටින්නේ ‘අපි මහින්දව ගෙනාවෙ යූඑන්පී එකට තුනෙන් දෙකක බලයක් යන එක නවත්තන්ඩ විතරයි. එහෙම නැතුව අපි මහින්දවාදීන් නෙමෙයි. අපිට ආයිත් බයේ ජීවත් වෙන්ඩ ඕන්නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ප්‍රජාතන්ත්‍රවාදියා මෛත්‍රීපාල සිරිසේන' බවයි.

No comments:

Post a Comment