Monday, August 3, 2015

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ සිද්ධියෙන් තවත් අයෙක් මරුට

කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍ර දේශයේදී සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි තවත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම 03 .50 ට පමණ ඔහු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ප්‍මියගොස් ඇත්තේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිටි බුලත්සිංහලලාගේ නිරෝෂන් සම්පත් නම් 30 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය සිකුරාදා දහවල් කොටහේන බ්ලූමැන්ඩල් සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් 05 දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

No comments:

Post a Comment