Monday, August 3, 2015

ජාතික ආණ්ඩුව දැනටමත් හැදිලා!

රනිල් සහ මෛත්‍රී සිහින දකින ජාතික ආණ්ඩුව මේ වන විටත් සැදී ඇති බවට පහත ඡායාරූප සාක්ෂි දරයි.

නිල් බලකායේ ප්‍රභල සාමාජිකයෙකු වන උදිත ලොකුබණ්ඩාර හා පරාජිත එජාප දකුණු පළාත්සභා අපේක්ෂිකා නදීෂා හේමමාලි ජාතික ආණ්ඩුව සඳහා පදනම දමා ඇත. පසුගියදා පන්සලක පැවති උත්සවයකදී පාවහන් පැලද සිටි මහින්ද රාජපක්ෂගේ පාවහන් මහින්දගේ සරම ඇද වසන්නට ගොස් සරම කඩා දමා මේ හාදයා මහින්දට මහා වින්නැහියක් කලේය. මේ වන විට ආන්දෝලනයට තුඩු දී ඇති මහා පරිමාණ කුඩු ව්‍යාපාරික මොහොමඩ් මුජයිඩ් පිළිබඳව හෙලිදරව් වීමත් සමග නදීෂා හේමමාලිගේ මූණු පොතේ ඔහු සමග සිටි ඡායාරූප සැණින් අතුරුදන් වූ බව මුහුණු පොතේ මිතුරු මිතුරියන් පවසති.
උසාවිය මගින් ළඟදී බැංකු ගිණුම අත්හිටවූ ටෙලි නිලි ආක්ෂා සුදාරි පොලීසියට පවසා තිබුනේ තමාගේ බැංකු ගිණුම පරීක්ෂා කළ ආකාරයට නදීෂාගේ බැංකු ගිණුමද පරීක්ෂා කරන ලෙසයි. වර්තමානයේ ටෙලිනිලියක් වීම හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම එකම කාසියේ දෙපැත්ත බවට පත්වී තිබේ. මේ වන විට ටෙලි නිලියන් ක්‍රියාකාරකම් අතින් මැති ඇමතිවරුන් පවා අභිබව යන තත්වයකට පත්ව සිටී.


No comments:

Post a Comment