Thursday, July 30, 2015

රවී මාරුව අවලංගුයි!

පසුගිය සතියේ සිදුවීමට නියමිතව තිබූ ‘රවි මාරුව' අවලංගු වූ බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
රහස් පොලීසිය භාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සබරගමුව පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව පොලිස්පතිවරයා විසින් නීති විරෝධී ආකාරයට මාරු කරන ලදී. මැතිවරණ කොමසාරිස්වරයා එසේ නොකරන ලෙසට චක්‍ර ලේඛණයක් මගින් සියළුම රාජ්‍ය ආයතනවලට උපදෙස් දී තිබුණද ඒ පිළිබඳව නොසලකා පොලිස්පතිවරයා තම හිතුමනාපයට මෙම මාරු කිරීම සිදු කොට තිබේ.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත මෙම සතියේ මුලදී ‘රවි මාරුව' අවලංගු කර ඇත.

No comments:

Post a Comment