Thursday, July 30, 2015

ශාන්ත බණ්ඩාර ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙයි

යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි. අද (30) උදෑසන දඹදෙණිය සිය පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා ඇමතිධූරවලින් අස්වීම පිළිබඳව සාකච්ඡා කොට තීරණයක් ගන්නා ලෙස දිගින් දිගටම පක්ෂයෙන් ඉල්ලා සිටි බවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර නොලැබුණු හෙයින් මෙවැනි තීරණයක් ගත් බවත් ශාන්ත බණ්ඩාර මහතා මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.

No comments:

Post a Comment