Thursday, July 30, 2015

අල්ලස් කොමසාරිස්වරුන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වේ!

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණය් සිදු කිරීමට යන බව වාර්තා වේ.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ආණ්ඩු පෙරලියෙන් පසු අල්ලස් කොමිසමට ඉදිරිපත්ව ඇති පැමිණිලි ප්‍රමාණය 1,900යෙහි අල්ලස් කොමසාරිස්වරුන්ට එරෙහිව එල්ලවූ පැමිණිලි ද ඇති බව වාර්තා වේ.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස දිල්රුක්ෂි ඩයස් මහත්මිය පත්වීමෙන් පසුව එම ආයතනයේ වැඩ පැහැරහරින කොමසාරිස්වරුන්ගේ වැටුප් කප්පාදුවක් සිදු කළේය. අදාල වැටුප් කප්පාදුවට එරෙහිව මේවන විට අල්ලස් කොමසාරිස්වරුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට ගොස් ඇත.

No comments:

Post a Comment