Thursday, July 30, 2015

එජාප ආධාරකරුවෙක් පැහැරගත් සන්ධානයේ 6ක් අත්අඩංගුවට

එක්සත් ජාතික පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපෙක්ෂක සාගල රත්නායක මහතාගේ පෝස්ටර් අලවමින් සිටි ඔහුගේ ආධාරකරුවෙකු හා ත්‍රිරෝද රථයක් පැහැරගත් එකසත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් 6ක් සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය කියයි.
අකුරැස්ස, දිය ලපේ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් පසුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර ඔවුන් ගමන්ගත් කැබ්රථයේ තිබී සාගල රත්නායක මහතාගේ පෝස්ටර් 326ක්, සන්ධාන මාතර දිස්ත්‍රික් අපෙක්ෂක මනෝඡ් සිරිසේන මහතාගේ පෝස්ටර් තොගයක් හා යකඩ පොලු දෙකක්ද සොයාගෙන තිබේ.

සැකකරුවන් අද (30දා) මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

No comments:

Post a Comment