Monday, July 27, 2015

මහින්දගේ රැලියේ සිංහලේ කොඩි එසවෙයි - කොඩි ගලවන තුරු කැමරාකරු අත්අඩංගුවේ (PHOTOS)


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ යටිනුවර ඡන්ද ප්‍රචාරක රැස්වීමකදී ඔසවා තිබූ සිංහලේ කොඩිවල ඡායාරූප ගැනීමට ගිය ලංකාදීප පුවත්පතේ ඡායාරූප ශිල්පියාට හිටපු ජනපතිගේ ආරක්ෂකයන් බව කියූ පිරිසකගේ 'අත්අඩංගුවට' පත්වීමට සිදු වූ බව වාර්තා වේ.
එම සිදුවීම ලංකාදීප පුවත්පතේ වෙබ් අඩවියේ පහත ලෙස වාර්තා කර තිබුණි.

"හැඩි දැඩි ආරක්ෂකයෝ අපේ ඡායාරූප ශිල්පියාගේ උරහිස්වලින් වැරෙන් අල්ලා තදකරගෙන ආරක්ෂකයන් පිරිසක් සිටි තැනකට ඔහු රැගෙන ගොස් කැමරාව ඔවුන් භාරයට ගෙන එම කොඩි කනුවලින් ගලවන තෙක් ඔහු රඳවා ගත්හ. පොලිස් ආරක්ෂකයන් බව කියන එම පිරිස ඔහුට අනියමින් තර්ජනය කළේ එම පින්තූර පළ නොකරන ලෙසයි."

එමෙන්ම එම ඡායාරූප දුටුවහොත් රාජපක්ෂ මහතා රැස්වීමට සහභාගී නොවනු ඇතැයි ආරක්ෂකයන් ඡායාරූප ශිල්පියාට පැවසූ බව වෙබ් අඩවියේ දැක්විණි.

මැද සිංහයා සිටින කොන් හතරේ බෝපත් ඇති එම කොඩි මීට පෙර අල්ලස් කොමිසම ඉදිරිපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පක්ෂ උද්ඝෝෂණයකදී ප්‍රදර්ශනය කෙරුණු අතර ජාතික කොඩිය විකෘති කළ බවට ඔවුන්ට චෝදනා ද එල්ල විය.



No comments:

Post a Comment