රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ අවසන් වාර්තාව සැප්තැම්බර් 10 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (28) අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට නියෝග කළේය.
අධිකරණ මරණ පරික්ෂණයට අවශ්‍ය වෛද්‍යවරුන්ගේ සාක්කි මෙහෙයවීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන අධිකරණයට දැනුම්දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම ඝාතනයට සම්බන්ධයෙන් ප්‍රභූ දේශපාලනඥයකුගේ පුත්‍රයකු ගැන සැක පහළ කළ පොලිසිය මේ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක්ම සොයාගෙන ඇතැයි දැනගන්නට ඇත. පෙම් පළහිලව්වක් මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයිද කරුණු අනාවරණය වී ඇති බව කියති.
No comments:
Post a Comment