හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය විසින් අද (05) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසිය.
ඒ අනුව, අද දිනයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව කොළඹ අලුත්කඩේ අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සතොස ආයතනයෙන් රුපියල් මිලියන පහකට ආසන්න වටිනාකමක් සහිත භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශය ලබාගැනීමට හිටපු අමාත්‍යවරයාව මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබුණි.
No comments:
Post a Comment