පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සොයුරු රෙනෝ සිල්වාට අයත් 'හිරු මාධ්‍ය ජාලයෙන්' ජාතික පුවත්පත් හයක් එළිදැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බව හිරු මාධ්‍ය ජාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම පුවත්පත් හය සතිඅන්තයේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි පුවත්පත් තුනකින් හා දිනපතා සිංහල, දෙමළ, ඉංග්‍රීසි පුවත්පත් තුනකින් සමන්විත වේ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ පුවත්පත් සඳහා කෙරුණු විශාලතම ආයෝජනය කිරීමට තමා සුදානම් බව රෙනෝ සිල්වා මේ දිනවල සඳහන් කරමින් සිටී. මෙම පුවත්පත්වල සේවය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීන පුවත්පත් කලාවේදීන් පිරිසක් සමග හිරු මාධ්‍ය ජාලය මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බව එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
හිරු නාලිකාව මේ වනවිට රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා අතර ඉදිරියෙන්ම සිටින නාලිකාවයි. තම නාලිකාවල සේවය කරන මාධ්‍යවේදීන් ප්‍රධාන දේශපාලන පක්ෂවල ස්ථානගත කරවා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක බලය තම අතට ගැනීමේ උමතුවක් තවමත් රෙනෝ සිල්වා තුළින් දැකිය නොහැකි නිසා හිරු මාධ්‍ය ජාලයට තවමත් පවතින්නේ මාධ්‍ය අරමුණු පමණි.
No comments:
Post a Comment