Wednesday, April 22, 2015

මෛත්‍රීට හෝ ආණ්ඩුවට ජනතාවට දුන් පොරොන්දු කඩන්න අයිතියක් නෑ - ST4SJ


පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට පොරොන්දු වූ පරිදි ජනාධිපති ක්‍රමය මුල්කරගත් ආණ්ඩුම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවී සිටීමට මෛත්‍රීපාල මහතාට හෝ ජනාධිපතිවරණයේදී ලද ජනවරම උපයෝගී කරගෙන ඔහු පිහිටුවනු ලැබූ ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බව ‘සමාජ සාධාරණය සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්වරුන්' පවසයි.

ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණයක කරවීම සඳහා වූ පරිශ්‍රමය පසුපස පැවති ප්‍රමුඛම පොදු ජන අපේකෂාව විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම බවත් ඒ සඳහා බෙහෙවින් දුරස්ථ දේශපාලන පක්ෂ හා පුරවැසි කණ්ඩායම් එකතුව වූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පෙන්වා දෙයි. එසෙම ‘සමාජ සාධාරණය සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්වරුන්' පවසන්නේ ජනධිපතිවරණයේදී එක්වූ පක්ෂ හා කණ්ඩායම් මේ වන විට තමන්ගේ න්‍යාපත්‍ර සඳහා කටයුතු කරමින් සිටින බවයි.


එසේම පසුගිය ජනාධිපතිවරණයේදී ඉහත කී පොදුජන අභිලාෂයට එරෙහිව කටයුතු කළ බලවේග ද මේ වන විට විවිධ ආකාරවලින් ජනවරමට අදාළ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම කඩාකප්පල් කිරීමට ඍජුව හෝ වක්‍රව කටයුතු කරමින් සිටින බව එම ආචාර්යවරුන් පෙන්වා දෙයි.



මේ තත්වය තුල මෙම ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ක්‍රියාකාරී ලෙස නැවත ඉදිරියට ගැනීම පොදුජන අභිලාෂ පැත්තෙන් ගත්කළ අත්‍යාවශ්‍ය කාර්යක් වී ඇති බව ‘සමාජ සාධාරණය සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්වරුන්' තවදුරටත් පෙන්වා දෙයි.



හදිසි කාර්යක් ලෙස යෝජිත 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඵලදායි ලෙස සම්මත කරවා ගැනීම සඳහා සෙසු ප්‍රතිසංස්කරණ වෙත යොමුවන ලෙසත් ආණ්ඩුවට බලකරන අතර මේ සඳහා ආණ්ඩුට බලපෑම් කිරීමටත් ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රයට විරුද්ධ බලවේග පරාජය කිරීමටත් ක්‍රියාකාරීව මැදිහත්වන ලෙස ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමට මැදිහත් වන සියලු කොටස් වලින් ‘සමාජ සාධාරණය සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්වරුන්' ඉල්ලයි.

No comments:

Post a Comment