Wednesday, April 22, 2015

බැසිල් හෙට මූල්‍ය අපරාධ කොට්ඨාසයට


දිවිනැගුම මූල්‍ය වංචාවන් පිළිබඳව චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හෙට (23) මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දීමට නියමිත බව වාර්තා වේ.
බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණි වහාම ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව පොලීසිය මීට පෙර සඳහන් කර තිබුණද ඊයේ (21) මෙරටට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

කසේ නමුත් බැසිල් රාජපක්ෂට එරෙහිවට ජනාතා විමුක්ති පෙරමුණ විසින් අල්ලස් කොමිසමට ‍පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එම පැමිණිල්ලේ 10 සහ 11 කොටස්වල ඔහුට අදාල චෝදනා දැක්වේ.

No comments:

Post a Comment